lan englan tam

පුවත්

වසන්ත විට්ටච්චි මාමා වුණ නිසා ඒ පසුබිම හැදිලා තිබුණා; සංජය ඈපා 'මතක පද' සමග

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය නිර්මාණශීලී ජීවිතයට ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහතා සිය මාමා වීමෙන් අවශ්‍ය වටපිටාව නිවස තුළ ගොඩ නැගී තිබූ බව හඬ නළුවකු, නිර්මාණශීලී කවර නිර්මාණකරුවෙකු සහ විවිධ අංශ ඔස්සේ සිය නිර්මාණශීලීත්වය පෙන්වන සංජය ඈපා සෙනෙවිරත්න පවසයි.

ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' යූටියුබ් සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර සිය ජීවිතයේ වටිනා මතක ගණනාවක් ඔහු එහිදී ප්‍රකාශයට පත් කළේය.

සිය ජීවිතයේ කුඩා වියේ සිට තමන් පසු කර ආ නිර්මාණකරණයේ මතක අවදි එකින් එක අවදි කරන සංජය ඈපා ජූලි කබලය පිලිබඳව සිය අත්දැකීම් පවා හෙළි කරයි.
"චන්දෘලෑ ගේ ගිනි තියනවා රෑ. ඒක දරුණු ගණයේ ශොක් එකක්. පොල්තෙල් ගෙනියන මිනිසෙක් හිටියා. තමන්ගෙම පොල්තෙල් ටික හලලා ඔහු ගිනි තියනවා. ඒ මිනිසාගේ අළු ටික අපි ඉස්කෝලෙ යන පාරේ සෑහෙන කාලයක් තිබුණේ. ඒක දරුණු ගණයේ ඛේදවාචකයක්." සංජය ඈපා පවසයි.

Back to top
Go to bottom

Popular News