මෑතකාලීනව රූපවාහිනී ටෙලි නාට්ය බලනනැඹුරුව බොහෝ දුරට දුරස්ව ඇතත්, නැවත නැවතත් බලන අතීත ටෙලිඩ්රාමා ටිකක් තියෙනවා.
ජීවිතයට ඉඩ දෙන්න, කඩුල්ල,තාත්තා , චෙස්, එකමත් එක දවසක්, වසන්ත කුසලානය, මිණි ගං දෑල, සඳගල තැන්න, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත් වැනි ටෙලි නළු නැවත නැවත බලන්න පුළුවන් ඒවා. මේ ටෙලි නළුවල සහාය රංගනයෙහි යෙදෙන නළුවන් නිළියන් පවා, ඒ චරිතවල කුඩා මොහොතට උපරිම සාධාරණයක් කරනවා. ගිරව් වගේ කියවන, පාට ගාපු පියරු බබාලා වෙනුවට, ඇස්වලින් මුහුණෙන් වචන අවම ප්රමාණයකින්, ඇතැම් විට නිහඬ රූප රාමුවකින් විවිධ මානයන් හරහා අපව ගෙන යන්න, අපව පිනවන්න ඒ ටෙලි නළුවලට පුළුවන්.
මගේ ප්රියතම නළුවන් අතර හිඳින Roshan Raweendra ට , දස්කොන්ට, අන්ධ සෙබලාට, දොස්තරට එක වගේ සාධාරණයක් ඉටු කරන්න පුළුවන්. ඒවගේම @Nadee kammallaweera කියන්නෙ චරිතයෙන් නිළිය වෙන්කර ගන්න බැරි විදිහට අතිශය ස්වභාවික රංගනයක යෙදෙන නිළියක්.
තව විශිෂ්ට නළු නිළි කැලක් සමග මේ දෙපළම එකට හමුවන්නේ බැද්දෙ කුලවමිය ටෙලි නළුවෙන්. කැමරාකරණය, අධ්යක්ෂණය
මනාව හැසිරවීම තුළින්, සමීප හා දුරස්ථ රූපරාමුවලට අතිශය සාධාරණයක් ඉටු වෙනවා.
අනවශ්ය විදිහට දිග නොඇදෙන, මේ ටෙලි නළු තුළ කතා මාලාවේ ආරම්භයේ සිට අවසාන ජවනිකාව දක්වාම ප්රේක්ෂකයන් රඳවා තබා ගැනීමේ ආකර්ෂණය ගැබ් වී තිබෙනවා. මේ ටෙලි නළු තුළ කළු සුදු නොවන අලු පැහැති චරිත සහිත ස්වභාවික මිනිසුන් අපට හමුවෙනවා.
මේ දිනවල අප නැවතත් "බැද්දේ කුලවමිය" බලන ගමන්..
මේ සටහන ලිව්වේ නැවත මුල සිට බලන්න කැමති කෙනෙකුට පෙළැඹවීමක් ඇති වෙයි කියලා හිතාගෙන.
මේ ලියන මොහොතේත්, තේමිය හෙමිහිට ඇවිත්, චංචලාට පසෙකින් ගල්තලාවේ දිගාවෙන දර්ශනය මගේ හිතේ, නොවෙනස්ව තිබෙනවා.
සුහර්ෂිණී ධර්මරත්න