"ඇත්තම කිව්වොත් ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. බණ්ඩාට ප්‍රේක්ෂකයො පුදුමාකාර ආදරයක් දුන්නා. අදටත් ඒ ආදරේ අඩුවක් නෑ. අදටත් බොහෝ දෙනා කතා කරන්නේ, හැඟීම් බෙදා ගන්නේ බණ්ඩත් එක්ක. ‘පාට කුරුල්ලෝ’ ටෙලි නිර්මාණයේ මංජිත විදිහට එළියට එන්නෙත් එදා ඒ ලැබුණු පන්නරයම තමයි. මේ දවස්වල මංජිතටත් බණ්ඩට වගේම ආදරයක් ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි." මෙසේ පවසන්නේ 'පාර දිගේ' ටෙලි නාට්‍යයෙන් රසික අවධානය දිනූ කුසල් මදුරංගය.
මේ දිනවල හිරු ටීවීහි 'පාට කුරුල්ලෝ'හි මංජිත චරිතය රඟපෑමට දායක වන කුසල් ඒ පිළිබඳව දිගු කතාබහකට සිළුමිණ පුවත්පතේ 'රසඳුන' සමග එක්ව තිබිණි.