lan englan tam

පුවත්

චිත්‍රපට සියයක වැඩ කර වාර්තා තබන්න හදන ඩොනල්ඩ් ජයන්ත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂක සහ සහාය අධ්‍යක්ෂවරයෙකු වන ඩොනල්ඩ් ජයන්ත සිය අපේක්ෂාව වන චිත්‍රපට සියයක සහාය අධ්‍යක්ෂවරයෙකු වීමේ වාර්තාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් 'අපේ සිනමාව' සමූහයේ පළ කර තිබේ.

ඩොනල්ඩ් ජයන්තගේ ප්‍රාර්ථනය එහි සඳහන් කර ඇති පරිදි මෙහි පළ කරන අතර එම සටහනේ අයිතිය 'අපේ සිනමාව' සතු බව මෙහි සඳහන් කරමු.

"මගේ එකම බලාපොරොත්තුව චිත්‍රපට සියයක සහාය අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් ලෝක වාර්තාවක් තියන්න. ඒ වගේම ‘මායා’, ‘ප්‍රවේගය’ වැනි චිත්‍රපටවලට වගේම චිත්‍රපටවලට විසිල් ගහන යුගයක් ඇති කරන්න. මම සතුව හොඳ තිර පිටපත් තිබෙනවා. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මුණගැහුණොත් ඒ චිත්‍රපට කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. චිත්‍රපට නිෂ්පාදක ආර්. සන්දේශ් කුමාර්, ශ්‍රීමතී සන්දේශ් කුමාර් යන දෙපළට මම විශේෂයෙන් ස්තුතියි කරන්න ඕනේ. මා චිත්‍රපට ක්‍ෂේත්‍රයට හඳුන්වාදුන් ධර්මසිරි ගමගේ මහතා වගේම ප්‍රියන්ත කොළඹගේ සහ උදයකාන්ත වර්ණසූරිය සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස මා සම්බන්ධ කර ගැනීම පිළිබඳ ස්තුතියි කියනවා."
- සිනමා අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් ජයන්ත -

Back to top
Go to bottom

Popular News