lan englan tam

පුවත්

ලාංකිකයකුගේ වැඩිම විදේශ තිරගතවීම් වුණ චිත්‍රපටය; Paradise

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දු - ශ්‍රී ලංකා සම හිමිකාරීත්වය ඇතිව චරිතාංග මලයාලම් නළු රෝෂන් මැතිව් සහ චරිතාංග නිළි දර්ශනා රාජේන්ද්‍රන් සමඟ ශ්‍රී ලාංකික නළු නිළියන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු රංගනයෙන් දායක වන Paradise (පැරඩයිස්) චිත්‍රපටය ඊයේ (28) සිට ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළුව ලොව පුරා තිරගත වීම ඇරඹීය.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට නිර්මාණය වන්නේ ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගිය කාලයකදී ලංකාවේ සංචාරයට එන කේරළ යුවලකගේ අත්දැකීම් වටා වේ.
මෙම තිරගත වීම ශ්‍රී ලාංකික සිනමාකරුවෙකුගේ චිත්‍රපටියක් විදෙස් රටක වැඩිම පුළුල් තිර ගණනාවක ප්‍රදර්ශනය කෙරෙන පළමු අවස්ථාව විය හැකි බව සිනමා සහ කලා විචාරකයෙකු සහ භාරත රසික සිනමා සංසදයේ නිර්මාතෘ නිරෝෂ් ගුණසේකර විසින් පෙන්වා දෙනු ලැබිණි.
ඒ සමග ඔහු ඉන්දියාවේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන කාලසටහන්ද පළ කර තිබිණි.
චිත්‍රපටය සාර්ථක අලෙවියකින් සමන්විත තිර ප්‍රදර්ශනයකින් අවසන් වනු ඇතැයි අපිද බලාපොරොත්තු වෙමු.

Back to top
Go to bottom

Popular News