lan englan tam

පුවත්

'දූස්රා' ළඟදීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මොස්කව් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල 2021, 22 වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 2023, කල්කටා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල 2023 යනාදියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රදර්ශනය කෙරුණ 'දූස්රා' ළඟදීම සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා කටයුතු සූදානම් කර තිබේ.

ප්‍රවීණ කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ දෙවන සිනමා නිර්මාණය වූ එම චිත්‍රපටය විදේශීය තිරගත වීමේදී ඉහළ ප්‍රතිචාර ලබා තිබිණි.
මාක් ටෙසිටර් හා ලක්ෂාන් අබේනායක එක්ව නිෂ්පාදනය කළ චිත්‍රපටයේ රංගනයෙන් තිලක්ෂිණී රත්නායක, සජිත අනුත්තර, ලක්ෂාන් අබේනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩිලා සිල්වා, වසන්ති රංවල, රුවන් මදනායක හා නදීශානි පේලිආරච්චි ඇතුළු පිරිසක් දායක වෙති.
කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, අංග රචනයෙන් සමරසිරි කඳනගේ හා සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල එක් වී ඇත.
'දුස්රා' තිර රචනය චන්න දේශප්‍රියගෙනි.

Back to top
Go to bottom

Popular News