lan englan tam

පුවත්

පිරිමියා හාල්පාරුවෙක් වගේ ගැහැනියට සලකන Take Care

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Take Care කියන කතාව ගැන ෆේස්බුක් එකේ පෝස්ටු ගියාම, ෆේස්බුක් එක පුරා පීරල ඒ කතාව හෙව්වා. අන්තිමේදී තේරුම් ගත්තා ඒක ටෙලි නාට්‍යයක් බව. ඉතින් ඊයේ අපි දෙන්න ඒක බැලුවා.

ඒකේ ඉන්න මිනිහ දැක්කම ඌ මොකෙක්ද කියල හිතුනා. මේනකා කියන කෙල්ල එක්ක ඌ සෙක්ස් කරන්නේ හාල්පාරුවෙක් වගේ නේ. පොඩ්ඩක් රොමැන්ටික් වෙයංකෝ. මල පනිනවා විතරක් නෙවෙයි මට ලැජ්ජත් වගේ. ඒ ඌ කොටු පනින එක ගැන නෙවෙයි, ඌ ඒ ලමයගෙන් ඇඩ්වාන්ටේජ් එක ගන්න එකේ වචනයකින් හරි සතුටු නොකරන ඒ නරුම ගතිය ගැන. ඒක ඉතින් අධ්‍යක්ෂවරයයි නලුවයි හොඳටම කරන නිසා මට එහෙම හිතුනත්, ලංකාවේ සමාජයේ ඔහොම උන් ඉන්න හින්ද වෙන්න ඇති නිසා නේ කතාව ලියල තියෙන්නේ.
සෙක්ස් කරනකොටත් පංති බේදය, උදාරයි. වයිෆ්ට රෙස්පෙක්ට්, ඒ දුප්පත් කෙල්ලට සතෙකුටටත් නොකරන තරමේ පහත් විදියට කතා කරන්නෙ.
අපි ඒක බැලුවට පස්සෙ නිම්මි කිව්වා
'ඔයා එහෙම එකක් කරා නම් මම කරන්නෙත් ඒ වයිෆ් කරන දේමයි'
එතකොටත් මට මල පැන්නා. ඒ මුන් මෙච්චර කල් පහුවෙලා මේ ටෙලිඩ්‍රාමා එක හදපු එක ගැන, අපිට ලමයි හදන්න පුලුවන් කාලේ මේක නොහදපු එක ගැන.
එහෙම වුනා නම් අපි නැති දවසට ඩැනී තනි වෙන්නෙ නෑ. half brothers and half sisters ලා ඉඳිවි නේ.
මොනව වුනත් මම නම් ඔහොම කරන එකක් නෑ. ඒ කිව්වෙ අරූ වගේ අනික් කෙල්ලට නපුරු වෙන එකක් නෑ කියල.
ඒ වයසෙදි මම ඕව කරල අහුවෙලා නම් නෑ. අහුවෙන්න ඉතින් කරන්නත් ඕන නේ. නැද්ද? ඒ කාලේ ඕක අපිට වුනා නම් නිම්මි ඔහොම කියන එකකුත් නෑ. තමන්ගෙ නොවෙන තුරු ඕන ප්‍රශ්නයකදි විසඳුම දර්ශනවාදීයි නේ.

දේවප්‍රිය සිරිවර්ධන

Back to top
Go to bottom

Popular News