lan englan tam

පුවත්

ඉන්දියාවේ කිවිවර සුගන්නදාසන් සම්මානය පොතුවිල් අස්මින්ට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමිල්නාඩු චිත්‍රපට ගීත රචකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සම්මාන උළෙලෙදී කිවිවර සුගන්නදාසන් සම්මානයෙන් ලාංකේය දෙමළ ගීත රචක සහ කිවිවර වන අස්මින් උතුමාලෙබ්බේ හෙවත් පොතුවිල් අස්මින් පිදුම් ලබන ලදී.

වාර්ෂිකව තමිල්නාඩු චිත්‍රපට ගීත රචකයන්ගේ සංගමය විසින් පවත්වන මෙම උළෙලට දෙමළ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂක සංගමයේ සභාපති සබේෂ්-මුරලි සහභාගි වෙමින් අස්මින්ට ඔහුගේ සම්මානය ප්‍රදානය කර තිබේ.
සිය සම්මානය වෙනුවෙන් දෙමළ සිනමාවේ ගීත රචකයෙකු ලෙස හඳුන්වා දුන් සංගීත අධ්‍යක්ෂක සහ රංගන ශිල්පී විජය ඇන්ටනීට අස්මින් අස්මින් කෘත්ඥතාවය පළ කර තිබේ.
මිනිසුන්ගේ සිත් සතන් තුළ සදාකාලිකව රැඳෙන්නේ හොඳ නිර්මාණවලට පමණක් බවත් වසර 12ක සිය දෙමළ සිනමා ගායන ගමනේදී ලද මේ ගෞරවය ගැන ආස්වාදයක් ලෙස සලකන බවත් අස්මින් පවසා ඇත.
අස්මින්ට 'මිරර් ආට්ස්' අපිද ආදරයෙන් සුබ පතමු!

kemadasa

shungara

Back to top
Go to bottom