lan englan tam

පුවත්

සියලු දෙනාට ස්තුතියි අහස තරම්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'තත්පරයක් දෙන්න' ටෙලිනාට්‍යය මේ වන විට අවසන් වී ඇති අතර ඒ වෙනුවෙන් ස්තුති සටහනක් නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක විසින් ලියනු ලැබ තිබේ.

"මේ තරම් අරුමැසි පිටපතක් ලියපු රසික සුරවීර ආරච්චි නම් මගේ මිත්‍රයා.උඹ නොසිටින්න මේ වගේ ලස්සන වැඩක් වෙන්නෙ නෑ..
අර්ථපතිත්වය දැරූ රුවන් චින්තක රණවීර නම් ආදරණීය මිත්‍රයා නොසිටින්න මේ වැඩේ මළාට කරගන්න වෙන්නේ නෑ...
සම නිෂ්පාදකවරයා වුන ධනුෂ්ක දාස්වත්ත
ඔයාටත් ස්තූතියි හොදේ
කැමරාව සහ ජීවිතය එකක් කරගෙන ජීවිතයේ අරුම පුදුම රූප රාම කාචගත කරන චින්තක සෝමකීර්ති නම් කීර්තිමත් කැමරා අධ්‍යක්ෂවරයා නොසිටින්න තත්පරයක් දෙන්න මේ තරම් අර්ථ පූර්ණ වෙන්නේ නෑ..
සේමිනී අක්කා රොජර් අයියා තරින්දි ඇතුළු අපේ විශිෂ්ට රංගන ශිල්පීන් ශිල්පිනියන් නොසිටින්න තත්පරයක් දෙන්න ගැන මේ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් කවදාවත් ලැබෙන්නේ නෑ..
ස්වාධීන රූපවාහිනී සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය නොසිටින්න ප්‍රේක්ෂක ඔබට තත්පරයක් දෙන්න බලාගන්න වෙන්නෙ නෑ...
සහාය අධ්‍යක්ෂකවරයාගේ සිට උපස්ථායකවරයා දක්වා සියලුම ශිල්පීන්ගේ අසාමාන්‍ය කැපකිරීම නොවන්න මේ ටෙලිනාට්‍ය බිහිවෙන්නෙ නෑ..
හදවතින්ම උදව් කරපු ඔබ සහ බාර් වල බිබී පුළුවන් තරම් මේ වැඩේ අසාර්ථක කරන්න උත්සාහ කරපු සියලු දෙනා නොසිටින්න තත්පරයක් දෙන්න නිර්මාණයක් ලෙස එළි දකින්නේ නෑ..
ඉතින් එකී මෙකී නොකී සියලු දෙනාට තත්පරයක් දෙන්න කණ්ඩායම වෙනුවෙන් ස්තුතියි අහස තරම්...
ඉක්මනට නැවත හමුවෙමු...ජය වේවා."

සුපුන් රත්නායක - 'තත්පරයක් දෙන්න' අධ්‍යක්ෂ

Back to top
Go to bottom

Popular News