lan englan tam

පුවත්

'සිනමා ප්‍රශ්න 10'ට මෙවර පිළිතුරු චරණ ටීවීහි ශෙනාල්ගෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමාවේදීන් සමූහයේ නිර්මාතෘ උපුල් දිසානායක විසින් මේ දිනවල එම සමූහය තුළ අලුත් විශේෂාංගයක් ආරම්භ කර තිබේ. ඒ 'සිනමා ප්‍රශ්න 10'යි. එහි පස්වැනි වාරයට මෙවර සම්බන්ධ වී ඇත්තේ චරණ රූපවාහිනියේ වැඩසටහන් පූරකවරයෙකු ලෙස කටයුතු කරන ශෙනාල් එරාන් ජයසේකර වේ.

එම ප්‍රශ්න දහයට අනුව ඔහු මෙසේ පිළිතුරු දී තිබිණි.

1. සිනමාව කියන දේ ඔබේ ජීවිතයට බලපෑවේ කෙසේද?

〰️ එක දිගට ගලන් යන මොනවහරි රූප ටිකක් බලන්න ඇඟ ඇතුලේ ලොකු ආසාවක් තියෙනවා කියලා දැන ගනිද්දී මං ටිකක් වැඩිලා. මොකද ජිවිතේ මතක පළමු තියටර් ඇත්දැකීම එච්චර සුන්දර වුනේ නැහැ. බැලුවේ ජුරාසික් පාක්. ඇති වෙච්ච බයට අම්මට තුරුල් වෙලා දඟල දඟල ඉන්න වුනා ෆිල්ම් එක ඉවර වෙනකං. ඉස්කෝලෙ යන කාලේම මේ රූප බැලිල්ල දුර දිග ගිහින් මාධ්යවේදියෙකුත් වෙන්න වුනා. අදත් තැනක රැඳුනේ මේ අමුතු රූප දීගේ නිසා. ඒක ජිවිතේකට වෙන්න පුළුවන් ලොකුම බලපෑමක්. 〰️

2. ඔබ නරඹලා තියෙන චිත්රපට/සීරීස් කන්දරාවෙන් චිත්රපටයක/සීරීස් එකක තිබූ අමතක නොවෙන සිදුවීමක් කියන්න.

〰️ ගොඩක් තිබ්බත් මතක් වෙන්නේ එකයි. Life is Beautiful එකේ තාත්තාගේ අවසන් මොහොත. මං ඒක හිතලාම අමතක කරන්න උත්සාහ කරනවා. මොකද හැම වතාවෙම කඳුළු එනවා මතක් වෙද්දී. 〰️

3. කැමතිම නළුවෙක්/ නිළියක් ගැන ,කෙටියෙන් කියන්න

〰️ ඩෙන්සිල් වොෂින්ටන්. ඒක නළුකමක් නෙවෙයි කැරිස්මාවක්. 〰️


4. චිත්රපට අධ්යක්ෂකවරයෙකුගේ චිත්රපට ලැයිස්තුවෙන් වැඩිපුරම චිත්රපට ප්රමාණයක් නරඹලා තියෙන්නෙ කුමන අධ්යක්ෂකවරයාගේ චිත්රපටද ?

〰️ ලොකු director following එකක් මං කරන්නේ නැහැ. ඒත් ඩේවිඩ් ලීන් ගේ වැඩ වලට පොඩි පෙරේත කමක් තිබ්බා. 〰️


5. ඔබ වැඩියෙන්ම නරඹලා තියෙන්නෙ කුමන ශානරයේ චිත්රපට කියලද ඔබ හිතන්නෙ

〰️ Drama level එකට මගේ ලැදි කම වැඩිද මන්දා.〰️

 

6. අධ්යක්ෂණය/ රඟපෑම හැරුනුහම..සිනමාවේ ඔබ වඩාත්ම ප්රිය කරණ අංශය කුමක්ද?

〰️ තිර රචනය.〰️


7. ෆේස්බුක් එකෙන් ඔබ සිනමාව ගැන ඉගෙණගත් කාරණයක් අපටත් දැනගන්න කියන්න.

〰️ ලොකුම දේ කෙනෙක් දේවල් මහන්සියෙන් හොයලා ඉදිරිපත් කරන එක. මහන්සි වෙන්න මටත් උත්තේජනයක් එනවා එහෙම දේවල් දකිද්දී. විශේෂයෙන්ම සිනමාවේදීන් වගේ සමූහයක්.〰️


8. සිනමාකරුවෙකුට/රංගනශිල්පියෙකුට- ඔබට කියන්නට යමක් ඇත්නම් ඒ අදහස ලියන්න

〰️ ආදරණීය ස්පිල්බර්ග්. ඔබ වියපත් නොවේවා. ඩේමියන් ශැසල්.. ඔහොම යං.〰️


9. ලංකාවේ සිනමාව ..කෙදිනක කෙසේ දකින්නටද ඔබේ ආසාව

〰️ ඉන්දියානු කලා අධිරාජ්යයේ බලපෑම් සහගත ප්රාන්ත සිනමාවක්. 〰️


10. ඔබ කැමති කැටගරියක් තොරාගන්න.
ඒ කැටගරියේ ඔබ කැමතිම චිත්රපට 10 ක් ලියන්න.

〰️ ඇයිද දන්නේ නැහැ. Drama තමයි ඉතින්. මේවා ගොඩක් හොඳ 1st impression ආපු චිත්රපට. විශේෂ තේරීමක් නෙවෙයි.

🎋Ryan's Daughter
🎋Lawrence of Arabia
🎋Brief Encounter
🎋Doctor Zhivago
🎋In the mood for love
🎋Citizen Kane
🎋The Godfather 1
🎋Schindler's list
🎋Casablanca
🎋A passage to India 〰️

 

උපුල් දිසානායක විසිනි

Back to top
Go to bottom

Popular News