lan englan tam

පුවත්

කේ.වෙන්කට්; පණපිටින් අමු අමුවේ පිළිස්සූ සිංහල සිනමාවේ සලකුණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

1.මහ රෑ හමුවූ ස්ත්‍රිය-1966
2.උතුම් ස්ත්‍රිය-1969
3.අද මෙහෙමයි-1972
4.ගොපලු හඬ-1973
5.දමයන්ති -1975
6.නිලූකා-1977
7.සිරිපතුල -1978
8.මගේ අම්මා -1980
යන චිත්‍රපටි අධ්‍යක්ෂණය කොට ඔහු සිංහල සිනමාවට දයාද කළේය .එතුමාගේ පළමු හා දෙවැනි චිත්‍රපටි කේ.වෙන්ගඩසාලම් යන නමින් අධ්‍යක්ෂණය කළේය .එහෙත් 1983 ජූලි ජාතිවාදී කලබලයේදී ගාලු පාරේ දෙහිවල හන්දිය ආසන්නයේදී මෙතුමා වාහනයෙන් ගමන් ගනිද්දී ජාත්‍යාල මැරයින්ට අසු විය.

මෙතුමා වාහනයෙන් බැස්සවූ මැරයින් ඔහුට පහර දුන්හ. "බාල්දිය" කියපන් කියමින් පහර දුන්හ. මම සිංහල චිත්‍රපටි අධ්‍යක්ෂ කවරයකු බවත් සිරි පතුල චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේත් තමන් බවත් කියමින් ජීවිතය අයැද සිටියත් "බාල්දිය" කීමට අපොහොසත් වීම නිසා මැරයින් ඔහුව කාරය තුලට තල්ලු කොට පෙට්‍රල් දමා ගිනි තබා අමු අමුවේ මරා දැමීය.
සෑම පොහෝ දිනක ම ගුවන් විදුලියේ ප්‍රචාරය වන මොහිදීන් බෙග් ගයන "සකල සතම බොදු බැතියෙන්" ගීතය අඩංගු වන්නේ මෙතුමාගේ සිරි පතුල චිත්‍රපටියේය.

එමෙන්ම බෙග් ගයන "මිනිසාමයි ලොව දෙවියන් වන්නේ - මිනිසාමයි ලොව තිරිසන් වන්නේ " යන ගීතය ද මෙතුමාගේ සිරි පතුල චිත්‍රපටියේම වීම කෙතරම් අරුමයක් ද? එපමණක් නොව ජාතිවාදී මැරයින්ගේ ගින්නෙන් එම සිරි පතුල චිත්‍රපටියද බිලිගත්තේය.

තුසිත එස්. වඩුගේ විසින් උපුටා ගනු ලැබ පළ කළ සටහනකි.

Back to top
Go to bottom

Popular News