වසර අටක් නොපවත්වා තිබු ජනාධිපති සිනමා සම්මාන 2017 අති උත්කර්ශවත් හා අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පවසයි.
ඔහු මේබව සඳහන් කළේ පසුගිය (22) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගණි සිනමාශාලාවේ පැවැති 18වෙනි ජනාධිපති සිනමා සම්මාන 2017 හැත්තෑවසරක ශ්‍රී ලාංකේය සිනමාභිනන්දනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම සුවිශේෂී උළෙල 2017 මාර්තු මස 31දා රාත්‍රියෙහි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය.
මේම මාධ්‍ය හමුවක් අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කරුණාරත්න පරණවිතාන, රංජන් රාමනායක, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න ඇතුලු එහි අධ්යක්ෂ මණ්ඩලය, ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් තුසිර මලව්වතන්ත්රි ඇතුලු ආයතන ප්‍රධානීන්, ප්‍රවීන නළු හා හිටපු අමත්‍ය ජීවන් කුමාරතුංග, ප්‍රවීන නිළි ශ්‍රියාණි අමරසේන ඇතුල කලා ක්ෂේත්රයේ රැසක් එක්වූහ.
ඡායා - rupavahininews