'උසාවිය නිහඬයි' චිත්රපටය ඊයේ(23) දිනයේ යළි උසාවියට කැඳවු අතර එහිදී ලෙනින් රත්නායක විසින් 'උසාවිය නිහඬයි' චිත්රපටය සම්බන්ධයෙන් ගොනු කරනු ලැබු නඩුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතුකර ඇතයි 'මිරර් ආට්ස්' වෙත වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් 'උසාවිය නිහඬයි' චිත්රපටයේ අධ්යක්ෂක ප්රසන්න විතානගේ ‘මිරර් ආට්ස්’ වෙත මෙසේ අදහස් දක්වා සිටියේය.
ලෙනින් රත්නායක වෙනුවෙන් පෙනි සිටින නිතිඥවරු නඩුව ඉල්ලා අස් කර ගත්තා. නඩු ගාස්තු වලට යටත්ව ඉල්ලා අස්කරගැනිමට අපි ඒකඟ වුනා හැබැයි ඔවුන් අපහාස නඩුවක් දැම්මොත් අපි ඒකට මුහුණ දෙනවා.
ලෙනින් රත්නායක අයිතිය තියෙනවා ඉල්ලා අස්කර ගන්න නමුත් මෙය සමතයකට පත්විමක් නොවෙයි මෙම නඩුව දැනට ඉවරයි. නමුත් ඔවුන් අධිකරණයට කිව්වා නැවත අපහාස නඩුවක් ඉදිරිපත් කරන බව ඒ නමුත් දැනට චිත්රපටයට තියෙන බලපැම දැනට ඉවරයි යනුවෙන් ප්රසන්න විතානගේ පවසා සිටියේය.
එසේම ඇමිටි ලයිට් සිනමා ශාලාව තවත් නඩුවක් ගොනුකොට ඇති අතර මෙම චිත්රපටය පැනවු අතුරු වාරණ තහනම් නියෝගය හේතුවෙන් අදාළ සිනමා ශාලාවට සිදු වු පාඩුව සම්බන්දව ගොනුකර ඇති නඩුව මැයි 31 වනදා කැඳවිමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
සබැඳි පුවත්
'උසාවිය නිහඬයි' චිත්රපටයටවූ හානියට ලෙනින් රත්නායකගෙන් වන්දි ඉල්ලයි