තමිල්නාඩු සිනමාවේ ප්‍රවීන නළු රැජිනි කාන්ත් අප්‍රේල් 9 වැනි දා යාපනයේ සංචාරයක නිතර වීමට සූදානමින් සිටියද තමිල්නාඩුවේ හා ශ්‍රීලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය නිසා එය අවලංගු කිරීමට තීරණය කළේ යැයි දකුණු ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත විසින් වාර්තා කරයි.
මොහුගේ ප්‍රධානත්වයෙන් උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්රදානය කිරීමේ උත්සවයක් ලබන අප්‍රේල් 9 වැනදා යාපනයේ සංවිධානය කර තිබුණි.
තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් විසින් කරන ලද ඉල්ලීමට අනුව තමා එම සංචාරය අහෝසි කළ බව රැජිනි කාන්ත්ගේ නිවේදනයේ සඳහන් වේ.