lan englan tam

පුවත්

වෙඩි තැබීමට අනුබල දුන්නැයි හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු පිරිසට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ කේ. සුජීවාගේ සැමියාද එම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඝාතනය සැකකරුවන්ට නවාතැන් පහසුකම් හා ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බව පොලිසිය පවසයි.
පසුගිය ජූලි මස 08 වැනිදා අතුරුගිරියේදී සිදු වූ මෙම වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු බව කියන තැනැත්තෙකුද සැක පිට අගෝස්තු 23 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Back to top
Go to bottom

Popular News