lan englan tam

පුවත්

Take Care මේනකා සහ දිනක්ශි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
කුරුළු පිහාටුවක් වගේ සැහැල්ලුවට නිදහසේ පාවි පාවි හිටපු කෙල්ලෙක් ඇතුලෙ,මොනතරම් බරපතල ගෑණියෙක් ... ඉදලද ... මේනකා....ඔයා මාරයි ...
දිනක්ශි ඔයා ඊට වඩා මාරයි...." Take Care " අද කොටස බලද්දි එහෙම හිතෙන්න ඇති ගොඩක් දෙනෙකුට ...
දිනක්ශිගෙ එතෙක් මෙතෙක් මුලු career එකත් හරි take care 28 වෙනි Episode එකත් හරි.
ඇත්තම කියනව නම් දිනක්ෂි take care වලට කලින් කරපු රඟපෑම් ගැන woow එකක් කොහොමත් දැනිල තිබුනෙ නෑ. Take care බලන්න කලින් මම දැකල තිබුන ඇයගෙ ලස්සන රඟපෑම තිබුනෙ " පියවි " ටෙලි නාට්යයෙ.ඊටපස්සෙ කරපු දේවල් ඒතරම් මතකයෙත් නෑ.
ඒත් Take Care වල මුල ඉදලම දැනුන දිනක්ශි රඟපාන්න පටන් අරන් කියල .
පොළොවෙ පයගහල ඉන්න සාමාන්ය ගැහැණියක් තුල තියෙන්න පුළුවන් හොද සහ නරක හැම ගුණාංගයක්ම වගේ තියෙන මේනකා කියන චරිතය දිනක්ශි ජීවමාන කරන්නෙ ... ඒක වෙන කාටවත්ම එහෙම කරන්න බැරි වෙයි කියල හිතෙන තරම් අපූරුවට . අනිත් අතට ඒ රඟපෑම ගැන කතා කරන්න දෙයක් තියෙන්නෙම ඒ දිනක්ශි නිසා. ප්රියසාද් කෙනෙක් වීම නිසා සමහර දෙනාගෙන් එල්ලවෙන චෝදනා වලට ඇය හොද උත්තරයක් දීල තියෙනව .Take care වල දිනක්ශි ගෙ රඟපෑම සෑහෙන්න කැපී පේනවා අද ඒකෙ කූඨප්රාප්තිය වගේ ... දුකින්, අසරණකමින් වේදනාවෙන් වගේම කේන්තියෙන් ආවේගශීලීව , දසුන් පතිරණ ඉස්සරහ ඒ දෙබස් ටික කියාගෙන ගිය ව්දිය .. මාරයි ..ඉති සතුටුයි මෙහෙම සාර්ථක දේවල් දකින්න ලැබෙන එක ගැන.
 
වත්සලා ඉරෝෂිණී කරුණාරත්න - සිනෙමායා Entertainment
Back to top
Go to bottom

Popular News