lan englan tam

පුවත්

පේශලට මස්සිනාගෙන් පුංචි විහිළුවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පේශල මනෝජ් මේ දිනවල සිය සංගීත කටයුතුවලට මෙන්ම දේශපාලන කටයුතු සඳහාද ප්‍රසිද්ධියක් උසුලන බව පෙනෙන්නට තිබේ.

බොහෝ කලාකරුවන් වත්මන් ජනාධිපතිවරණය හේතුවෙන් දේශපාලන පක්ෂ සඳහා ක්‍රියාශීලීව දායකත්වය දක්වනු පෙනෙන්නට තිබෙන අතර පේශල සමගි ජන බලවේගයට දේශපාලන සහාය දක්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී.
පේශල සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක වන ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම පක්ෂයේ සාමාජිකාව සහ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සමග පෙනී සිටි සෙල්ෆි ඡායාරූපයක් පෙන්වා දෙමින් ඔහුගේ මස්සිනා වන රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පුංචි උපහාසයක් කර ඇත.
ඒ එම ඡායාරූපය සමග 'සැප්තැම්බර් 22න් පස්සේ මස්සිනාගේ සංගීත කණ්ඩායමේ අලුත් සාමාජිකයන් තිදෙනා' යනුවෙන් ගයාන් සඳහන් කරමිනි.
මේ සඳහා විවිධ ප්‍රතිචාර ලැබී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර ගයාන්ද මේ වන විට වෙනත් දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටී.

g

Back to top
Go to bottom

Popular News