lan englan tam

පුවත්

වසර 26ක් පැවති වෙබ් අඩවිය වසා දැමුණු Cartoon Network

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රසිද්ධ 'වෝනර් බ්‍රදර්ස්' - ඩිස්කවරි (Warner Brothers - Discovery) හිමිකාරීත්වය දරන සුප්‍රකට කාටූන් නාලිකාවක් වන 'කාටූන් නෙට්වර්ක්' (Cartoon Network) වෙබ් අඩවි විකාශය පසුගියදා නවතා දැමිණි. සුප්‍රකට 'ටොම් ඇන්ඩ් ජෙරී' (Tom & Jerry)කාටූනය විකාශය හිමිකාරීත්වය ඇත්තේද මෙම නාලිකාවටය.

මේ පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ළමා - වැඩිහිටි ප්‍රේක්ෂකයින් බෙහෙවින් කම්පා කරමින් ආයතනය විසින් දැනුම් දෙනු ලැබිණි.
1998 වසරේ සිට සක්‍රීය වෙබ් අඩවියක් ලෙස අන්තර්ජාලයේ පරිශීලනයට ලක් වූ වෙබ් අඩවිය අගෝස්තු 08 වැනිදා සිට අන්තර්ජාලයෙන් ඉවත් කෙරිණි.
'Teen Titans Go!', 'The Powerpuff Girls', 'Adventure Time' වැනි කාටූන් සඳහා වීඩියෝ සහිත මුල් පිටුවක් වූ මෙය ඪිස්cඔවෙර්ය් සබැඳි අංගයක් වන Max වෙත සම්බන්ධ කර තිබේ.
ඒ අනුව ප්‍රේක්ෂකයින්ගේ ප්‍රියතම කාටූන් ඔවුන්ගෙන් ඈත් නොවන බව හිමිකරුවන් දැනුම් දී තිබිණි.
Max සඳහා ලියාපදිංචි වී එහි සීමා කිරීම් සහ රහස්‍යභාවය සුරැකීම සමඟින් ළමුන්ට හිතකර ලෙස පවත්වාගෙන යන සබැඳියක් ලෙස ඒකාශය නඩත්තු කෙරේ.
අමරිකාවේ ජනප්‍රියතම කෙබල් නාලිකාවක් වන මෙය Maxහි උදෑසන 06 සිට සවස 05 දක්වා විකාශය වන බව හිමිකරුවන්ගේ පාර්ශ්වයෙන් වැඩිදුරටත් පවසයි.

ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News