අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන "2017 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්රදානෝත්සවය මාර්තු මස 27 නෙළුම් පොකුණ රංග ශාලාවේ දි පැවැත්වුණි.
එහිදී ‘ගිරිකූඨ කාශ්‍යප’ නාට්‍යයේ රඟපෑ දිනුෂා කෝදාගොඩ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ අතර හොඳම නළුවා හිමි සම්මානය ‘නැතුවම බැරි මිනිහෙක්’ නාට්‍යයේ රඟපෑ ධර්මප්‍රිය ඩයස් විසින් හිමිකර ගනු ලැබිය.
හොඳම සහය නළුවා ලෙස 'නැතිව බැරි මිනිහෙක්' නාට්‍යයේ ශ්‍යාම් ප්‍රනාන්දු විසින් හිමිකරගනු ලැබිය.
කෙටි නාට්‍ය හොඳම නිළිය, "කිරි අම්මාගේ අවතාරය" නාට්‍යයේ රඟපෑ ජීවන්ති පෙරේරා හිමිකරගනු ලැබු අතර කෙටි නාට්‍ය හොඳම නළුවා සම සම්මානය දිනාගැනීමට ‘ලද ලබ’ නාට්‍යයේ රඟපෑ ක්‍රිෂන්ත ජයබාහු, ජනක මුණසිංහ සමත්විය.
හොඳම නාට්‍යට හිමි සම්මානය රාජිත දිසානායකගේ 'නැතිව බැරි මිනිහෙක්' නාට්‍ය විසින් හිමිකරගත් අතර හොඳම කෙටි නාට්‍ය කේ.ජී ආනන්ද කුමාර ගේ ‘ලද ලබ’ නාට්‍යය විසින් හිමිකර ගනු ලැබිය.
මෙම සම්මාන ප්‍රදානොත්සවයේ දී ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්රයට කරන ලද අනුපමේය සේවයට උපහාර වශයෙන් ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි මහතා හා ප්‍රවීණ නාට්‍යවේදී මානා මක්කීන් මහතා “නාට්‍ය කීර්ති“ සම්මානයෙන් පිදුම් ලැබීය.
හොඳම නිළිය දිනුෂා කෝදාගොඩ කෙටි නාට්‍ය හොඳම නිළිය ජීවන්ති පෙරේරා