කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ අප්‍රේල් මාසයේ 03 වැනිදා ආරම්භ වීමට නියමිත ය.
ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානී එම්. සෆීර්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ දේශීය විදේශීය නාට්‍යකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් දින පහක් මුළුල්ලේ කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ වේදිකා ගතවෙයි.
සමාරම්භක උලෙළ 03 වෙනිදා රාත්‍රී 7.00ට ගල්කිස්ස හෝටලයේ දී පැවැත්වීමට නියමිත අතර සුපුරුදු ලෙස සමාරම්භක දිනයේ සිදුවන අභිනන්දන උලෙළ මෙවර නම් කර තිබෙන්නේ ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ නමිනි.
ආරාධිත විදේශීය නාට්‍යකරුවා ලෙස ජපන් ජාතික කෙන්ජිරෝ ඔටානි ය සහභාගීවීමට නියමිතය.
එහිදි නාට්‍ය උලෙළට සමගාමීව වැඩමුළු කිහිපයක් ද පැවැත්වීමට නියමිතව ඇත.
කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ වැඩසටහන් සැලසුම පහත පරිදි වේ.