දැන් ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තීරගතවන අලෝකෝ උදපාදී චිත්‍රපටයට පසුව තිරගත වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'අලි කතාව' චිත්‍රපටයයි.
රාජු නම් වූ අවුරුදු දෙකහමාරක පමණ අලි පැටවකු වටා ගෙතී ඇති මේ කතාව රචනාකර ඇත්තේ ගඟ අද්දර චිත්‍රපට කතාව රචනාකළ අභාවප්‍රාප්ත ලෙටීෂියා බොතේජු නවකතාකාරිය විසිනි.
අලි පැටවා සමඟÊකෞශල්‍ය ප්‍රනාන්දු සහ යොහානී හංසිකා ප්‍රධාන ළමා චරිත නිරූපණය කරන අලි කතාවේ සෙසු චරිත රඟපාන්නේ රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, දුලීකා මාරපන, ගිරිරාඡ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න, දීපානි සිල්වා යි.
කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි, කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, සංගීතය රෝහණ වීරසිංහ, නර්තනය චන්දන වික්‍රමසිංහ, වේෂ නිරූපණය හර්ෂ මංජුල, වස්ත්රාභරණ තිළිණ හෙට්ටිගමගේ, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, දෘෂ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, නිෂ්පාදන කළමනාකරණය මනෝහාරී හේවාවසම්, විශාරද නන්දා මාලනී, රොඩ්නි වර්ණකුල, සමඟ පසුබිම් ගායනා 'දෙරණ' ලිට්ල් ස්ටාර් තරග මාලාවේ ජනප්‍රිය කිරුළ දිනා ගත් ඉරෝෂාන් මධුශංඛ සහ විදුෂා නේත්‍රාංජලී ගෙනි.
සිප්වින් චිත්‍රපට වෙනුවෙන් අලිකතාව නිෂ්පාදනය කරන්නේ ගත වූ වසරේ විශිෂ්ටතම චිත්‍රපට නිෂ්පාදකවරයා ලෙස සරසවි සම්මාන ලත් ගුණපාල රත්නසේකරයි.