lan englan tam

පුවත්

සුනන්දගේ කෘතිය එළිදැක්වීම හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත ‘‘පාස්කු ඉරිදා ප්‍රහාර: පාර රාජ්‍ය සෙවණැල්ල’’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක් සැප්තැම්බර් 25වන දින සවස 04.00 සිට 06.00 දක්වා කොළඹ 10, ඩීන්ස් පාර, අංක 281, දරන ස්ථානයේ පිහිටි සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම අවස්ථාවේ මුලසුන දරන්නී මානව හිමිකම් ක්‍රියාකාරිනී මරියන් ප්‍රදීපා ය.
හැඳින්වීම සිදු කරනු ලබන්නේ කතුවර සුනන්ද දේශප්‍රිය විසිනි.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි හිටපු ප්‍රධානී සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න කෙටි දෙසුම් පැවැත්වීමට නියමිත ය.

සටහන - ජයසිරි අලවත්ත

kemadasa

shungara

Back to top
Go to bottom