lan englan tam

පුවත්

පරාජයේදී වියරු වන්නේ අසාධාරණව යැපුනේ නම් පමණි

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී රටක් තහවුරු වීමේ අපේක්ෂාවෙන් විදේශගතව සිටියද සක්‍රීයව දායක වූ සහ වෙනසක් අපේක්ෂා කළ කලාකරුවන් අතර ජනප්‍රිය සහ ප්‍රවීණ ගායක කිත්සිරි ජයසේකරද සිටී.

සිය සහෝදරයා (දයාසිරි ජයසේකර ) ප්‍රතිවිරුද්ධ මතයක් දරන විට කිත්සිරි තම අපේක්ෂාව ජයග්‍රහණය කළද එයින් උදම් නොවන බව ඉතා නිහතමානීව සඳහන් කර තිබිණි.

ජයග්රහණය පිළිබඳව උදම් නොවෙමි..ඒ තවත් පිරිසිදු අරමුණක් උපන් මව්බිම උදෙසා ඇති බැවිනි,දැඩි මතධාරියාටත් අත දිගුකලෙමි,ඒ මතවාදයන්ට වඩා මිනිස්කම අගය කලබැවිනි...
පරාජයන් හමුවේ වියරුවන්නා කාගේහෝඅසාධාරණ මුදලකින්,තනතුරකින් යැපුණු අයෙක් වන්නට ඇත.මේ එවන් දැඩිමතධාරීන් සහ වියරුවෙන් හැසිරෙන මිතුරන්සේ අතදිගුකලද, අතහපාකන අය ඉවත් කරගෙන යන කාලයක් බැවින් මගේ සමාජ දේශපාලන මතය නොඉවසන කෙනෙක් ඇත්නම් මේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් වන්නට කෙරෙන ගෞරවනීය ආරාධනය යි..මා කිසිවෙකුගේ එහෙයියෙක් දායකයෙක් නොවෙමි..නිදහස්ව හිතන්නට හැකි, සෘජුබව ආරක්ෂා කරගන්නා පෘතුවිවාසී පුරවැසියෙක් පමනක්ම වෙමි..
 
කිත්සිරි ජයසේකර
Back to top
Go to bottom

Popular News