lan englan tam

පුවත්

නව ජනපති ගැන කොලිවුඩයේ ලාංකිකයාගේ ප්‍රීතිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික කිවිවර වී.අයි.එස්. ජයපාලන් නෝවේහි පුරවැසියෙකු ලෙස මේ වන විට එරට වාසය කළද, ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු ලෙස කාර්යබහුල වුවද ශ්‍රී ලංකාවේ දේශපාලනික කාරණා ගැන නිතර අවධානය දක්වමින් ඒ ගැන අදහස් පළ කරන නිර්මාණකරුවෙකි.

ජය පාලන් පසුගියදා ලංකාවේ නව ජනපති පත් වීමේ ප්‍රීතිය පළ කර තිබුණි.
70 දශකයේ සිට ශ්‍රී ලාංකික දේශපාලනය ගැන විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙස උනන්දුව දැක්වූ ජය පාලන්ගේ කවිවලින් ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ලේ මර්දනය ගැනද සංවේදීව පවසා තිබූ බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. ප්‍රවීණ ගී පද රචක සහ සන්නිවේදක නිලාර් එන්. කාසිම් විසින් එම කාව්‍ය බොහෝ කලකට පෙර සිංහලට පරිවර්තනය කරනු ලැබිණි.
නව ජනාධිපති පත්වීම පිළිබඳව ජය පාලන් පවසා තිබුණේ ප්‍රීතිමත් සිහිනයක් සැබෑ වී ඇති බවය.
"ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට උණුසුම් සුභ පැතුම්! ඊළාම් දෙමළ, මුස්ලිම්, කඳුකර දෙමළ සහ සංක්‍රමණික දෙමළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මම ඔබේ ජයග්‍රහණය පිළිගනිමි. ඒ පිළිබඳව ඔබ සහ මගේ මිතුරන් විසින් පළ කරන ලද මගේ ප්‍රියතම කවිය "1971 වසන්තය" යළි ලියා තැබීමෙන් මම මගේ සතුට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
1971 පැරදුණු සිංහල සහෘදයන් ගැන කවිය අද අපට සිහිගන්වන්නේ 2009 මුල්ලිවයිකාල්හිදී පරාජය වූ දෙමළ ජනතාවයි. ශ්‍රී ලාංකේය වාර්ගික ප්‍රශ්නයට නිවැරැදි විසඳුමක් ගෙන ඒමට ඔබට හැකි වේවායි යන ප්‍රාර්ථනාවද මෙම අවස්ථාවේදී සඳහන් කිරීමට කැමැත්තෙමි.

Back to top
Go to bottom

Popular News