lan englan tam

පුවත්

ITN අභිනව සභාපති ප්‍රියන්ත වෙදමුල්ල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ස්වාධීන රූපවාහිනියේ නව සභාපති වශයෙන් ප්‍රියන්ත වෙදමුල්ල පත් කර තිබේ.
අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිධරයෙකු වන ප්‍රියන්ත කුමාර වෙදමුල්ල, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත්තේ ආර්ථික විද්‍යාව හා කළමණාකරණය විෂය ක්ෂේත්‍රයෙනි.
ඩිජිටල් අලෙවිකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමා තුනක් හිමි කරගෙන ඇති ඔහු මේ වන විට පේරාදණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳව ආචාර්ය උපාධි අපේක්ෂකයෙකුද වේ.
1996 වසරේ සරසවි වියේදීම සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ප්‍රියන්ත වෙදමුල්ල එවකට පළ වූ සිතිජය, රාවය, ලක්ජන වැනි පුවත්පත් හා සඟරාවල විශේෂාංග ලේඛකයෙකු සහා ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙකු වේ. 2002 වසරේදී දෙසතිය සඟරාවේ සහ ලංකා පුවත්පතේ විශේෂාංග කර්තෘ ලෙස සම්බන්ධ වන ඔහු එහි විශේෂාංග ලේඛකයෙකු ලෙසද කටයුතු කර ඇත.
2004 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධ වෙන අතර 2007 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලැබීය. එහි අකුණ, විසංවාදය, ඇත්ත නැත්ත, ජූරිය ඔබයි, පරිස්සමින් ගිහින් එන්න වැනි කාලීන වැඩසටහන් රැසක් ඔහු නිෂ්පාදනය කළේය.
 
Back to top
Go to bottom

Popular News