lan englan tam

පුවත්

බහිරවයෙකු ඇස දැමූ සේනකගේ සින්දුවල අනාගතය?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට දින කිහිපයකට පෙර අප අතරින් වියෝ වූ ගායන ශිල්පී සේනක බටගොඩගේ ගීත වෙත බහිරව ඇසක් යොමු වී ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් සමරක්කොඩි හෙළි කරයි.

සේනක මිය යෑමට ප්‍රථම සමන් සමරක්කොඩි සමග කළ කතාබහ සහ ඔහු මිය යෑමට ප්‍රථමව අධිකරණ නියෝගානුකූලව ගීත ගායනයට එරෙහිව පනවා තිබූ වාරණ නියෝග, ඒ සඳහා හේතු වූ පාර්ශ්ව පිළිබඳවත් එහිදී සාකච්ඡාවට ලක් කරමින් මේ බව හෙළිදරව් කිරීමට මාධ්‍යවේදියා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ කටයුතු කර තිබේ.
සේනක බටගොඩ මිය යන විට ඔහුගේම ගීත 07ක් ගායන කිරීමේ අවස්ථාව ඔහුට අහිමිව තිබූ බව මීට ප්‍රථම අපි ඔහුගේ වියෝවේදීද සඳහන් කළෙමු.
ඒ නම් ගායන ශිල්පී සේනක බටගොඩ විසින් ගායනා කරන ලද ගීත 07ක් ගායනා කිරීම වළකලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණයක් නිකුත් කර තිබූ අතර වරින් වර මෙම නියෝගය දීර්ඝ කෙරිණි.
අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් මා යන ගීත 07 මෙසේ සේනක බටගොඩ විසින් ගායනා කරනු ලැබීම වාරණය කර තිබුණේ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසිනි.
ගීතවල පද රචනා, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය නිර්මාණයට අදාළව ජනත් කුලතිලක නමැත්තාට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාග නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම් දීම සිදු විය.
ජනත් කුලතිලක විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනු කරන ලද පැමිණිල්ලක් අනුව මේ සියල්ල සිදු වූ බව බොහෝ දෙනෙකු දන්නා කරුණක් වන අතර සේනකගේ පවුලේ අදහස වූයේ එම ගීතයේ කීබෝඩ් වාදනය කළ අයකු වන තැනැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ල සාධාරණ නොවන බවය.
කෙසේනමුත්, සේනක මිය යාමට ප්‍රථමව මේ ගැන කළ කළ කතාබහක් සමගින් සමන් සමරක්කොඩි සේනකගේ ගීතවලට ඇස දමන බහිරව පාර්ශ්වය ගැන සාකච්ඡාවට ලක් කර තිබේ.

Back to top
Go to bottom

Popular News