lan englan tam

පුවත්

වෛද්‍ය නුවන්ගේ 'දඟකාර නූටෝ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෛද්‍ය නුවන් තොටවත්තගේ අලුත්ම කෘතිය 'දඟකාර නූටෝ' ඔක්තෝබර් 01 උදේ 10ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන වේදිකාවේදී එළිදැක්වීමට නියමිතය.

"නූටෝ හරිම දඟකාරයි. එයාට හැම දෙයක් ගැනම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට ලැබෙන උත්තරවලින් තමයි එයා ඉගෙනගන්නේ..
ගස් කෑම හදාගන්නේ කොහොමද ,? අපි දේවල් බෙදා හදාගන්න ඕනෙ ඇයි ? , කරදර වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් එයා ඉගෙනගන්නවා." නුවන් එසේ සිය කෘතියේ කථානායක පිළිබඳව සඳහන් කරයි.
පොත් 10ක් සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් එළි දකින කෘතිය එම්.ඩී. ගුණසේන ප්‍රකාශනයක් හැටියට එළි දකී. සිතුවම් දිනිති කාව්‍යා කොට්ටහච්චිගෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනය චතුශ්ක රඹුක්වැල්ලගෙනි.

Back to top
Go to bottom

Popular News