10 වන යාපනයේ අන්තර් ජාතික සිනමා උළෙල සැප්තැම්බර් 03 දින සිට සැප්තැම්බර් 09 වන දින දක්වා විවිධ රටවල් වල සිනමා කෘති ප්‍රදර්ශණය කරමින් අවසන් විය. දකුණු ආසියානු සිනමා උළෙල ප්‍රවාහය තුළ යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සඳහා ප්‍රබල ස්ථානයක් හිමිවන අතර ජාත්‍යන්තර ඇගයීම් වලට පාත්‍රවුණු බොහෝ කුළුඳුල් දේශීය චිත්‍රපට මෙන්ම ජාත්‍යන්තර ඇගයීම් වලට පාත්‍රවුණු ජාත්‍යන්තර චිත්‍රපටද මෙම සිනමා උළෙලේ ප්‍රදර්ශණය විය.
මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙල වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රවීණ කන්නඩ අධ්‍යක්ෂකවරයෙකු වන ගිරීෂ් කසරවල්ලි සහභාගී විය. ගිරිෂ් කසරාවල්ලී ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ සමකාලීන සිනමාවෙහි පුරෝගාමි සහ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. සමාජ, දේශපාලන සහ සංස්කෘතික ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු කතාව නිර්මාණය කළේය. කසරාවල්ලී මිනිස් ජීවිත හා ආශාවන්ට යථාර්තවාදී නිරූපණයක් ලබා දෙමින්, ඉන්දියානු සිනමාවට ගෝලීය පාලන යුගයක් නිරූපණය කළ සිනමාකරුවෙකි. ඔහුගේ චිත්‍රපට අතර ඝටශ්‍රද්ධා,ටබරනා කථා සහ දූපා යන චිත්‍රපට මුල් තැනක් ගනියි.
අන්තර්ජාතික සිනමා නිර්මාණ නියේජනය කරමින් ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, නේපාලය, ඉරාණය ඇතුළු තවත් රටවල් කිහිපයක සිනමා නිර්මාණ දින 07ක් පුරා යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශාලාව, කලම් සහ ඇමරිකන් කෝනර් හි ප්‍රදර්ශණය කෙරුණි.
මෙවර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ ජීවිතයේ එක්වරක් පමණක් ලබන ගෞරව සම්මාන හිමිවූයේ ගිරීෂ් කසරවල්ලි හටය. ප්‍රරේක්ෂකාගාර සම්මානය ‘ආසනම්’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ශිවකුමාර් රින්සන් හටද, සිලෝන් තියටර් සමාගම විසින් පිරිනමන දේශීය හොඳම කෙටි සිනමා නිර්මාණයට අදාල සම්මානය “හපොයි” කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ උදය තෙන්නකෝන් හටද, හොඳම අන්තර්ජාතික වාර්තා චිත්‍රපටය ලෙස අනුපමා ශ්‍රීනිවාස් සහ අනිර්බර් දත්තා අධ්‍යක්ෂණය කළ ‘ෆිලිකරින් ලයිට්ස්’ සහ හොඳම සිනමා නිර්මාණය ලෙස දිබාන්ගර් සෝබලන්කර්ගේ ‘ශතල්’ චිත්‍රපටයටද හිමි විය.
උළෙලේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස පෙනෙන්නට තිබුණේ , ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවලට වඩා නවක සහ විවිධ රටවල් වල විවිධ සිනමාකරුවන් සඳහා වේදිකාව ලබා දීමයි. විවිධ රටවල් වල් නියෝජනය කරන චිත්‍රපටවල, ඔහුන්ගේ ප්‍රාදේශීය කතා මෙම උළෙලේ තිරගත වුණ චිත්‍රපට වල ප්‍රධාන මාතෘකා වී තිබුණි.
ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂිකා අනුපමා ශ්‍රිනිවාසන්, යාපනය අන්තර් ජාතික සිනමා උළෙල ගැන අප කළ විමසීමකදී මෙසේ කීවාය. "මම ඉන්දියාවේ දිල්ලි නගරයේ ජීවත් වෙන්නේ. ඒත් මගේ මව් භාෂාව තමිල් භාෂාව. මේ වගේ සිනමා උළෙලක් තුළින් ආසියානු, අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවල චිත්‍රපට නිර්මාණකරුවන්ට ඔවුන්ගේ ආත්මාරූපයෙන් ඔවුන්ගේ කතා මේ උළෙල හරහා ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන ඒමට පුළුවන්. අපි එකිනෙකාට මේ වගේ සිනමා උළෙලක් හරහා ඉගෙන ගන්න දේවල් ගණනාවක් තියෙනවා. යාපනය චිත්‍රපට උළෙල විකල්ප හඬවලට වේදිකාවක්, සාමිප්‍රදායික චිත්‍රපට නොවන නිර්මාණවලට අවස්ථාවක් ලබා දෙනවා.‘
සුජාතා දෝවගල්,වාර්ගික හා ජාත්‍යන්ත්‍රර සම්බන්ධතා මාර්ගවල ගැඹුරු විවිධතා පිළිබඳව අදහස් දැක්වූවාය. ‘මම ජර්මනියේ විට්ටෙන්බර්ග් චිත්‍රපට අධ්‍යයන ආයතනයේ සේවය කරනවා. අවුරුදු 40 පස්සේ මම පළමු වතාවට යාපනයට ආවේ. මේ චිත්‍රපට උළෙල මාව නැවත මගේ මූලය වෙතට අරගෙන ආවා. ඒ වගේම මට විවිධ ජාතිකයන් හා සම්බන්ධ වෙමින් ඉතා හොඳ චිත්‍රපට නිර්මාණකරුවන් හමුවීමේ අවස්ථාව මේ උළෙල නිසා ලැබුණා. ගිරිෂ් කසරවල්ලි වගේ කෙනෙක් මෙහෙයවනු ලැබූ මාස්ටර් ක්ලාස් සැසියකට මට සහභාගී වෙන්න ලැබීම ගැන මම වඩාත් සතුටු වෙනවා. කසරවල්ලි සහභාගී වුණ මේ මාස්ටර් ක්ලාස් සැසිය කෙනෙකුගේ ජිවිතයේ එක් වරක් පමණක් ලබා ගැනීමට පුලුවන් අත්දැකීමක්.’
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශයට අයත් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අංකුරන් දත්තා මෙවැනි උළෙලවල් වල වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කීය. ‘මේ ලංකාවේ වඩාත්ම තිරසාර සිනමා උළෙලක්. පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය එහි කොටස්කරුවන් වීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා. මේ සිනමා උළෙලට විවිධ රටවලින් සහභාගී වූ අය අතරින් ශ්‍රී ලාංකිකයන් හැරුණු විට ඉන්දිය සිනමා කරුවන් වැඩි සංඛ්‍යාවක් සහභාගි වී සිටීම ඉතා සතුටු දායක කරුණක්. මේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ, විශේෂයෙන්ම, යාපනයේ තමිල් ජනතාවගේ සහ ඉන්දියානු ජනතාවගේ හදවත් පාලමක් වගේ එකිනෙකට යා කරන සිනමා උළෙලක්.‘
මාස්ටර් ක්ලාස්
චිත්‍රපට නිර්මාණකරුවන් සහ සිනමා වෘත්තීන්ගේ විශේෂ ජාත්‍යන්තර මාස්ටර් ක්ලාස හා සාකච්ඡා, මෙම වසරේ යාපනය අන්තර් ජාතික සිනමා උළෙලේ ප්‍රධාන අංගයක් වශයෙන් සලකා බැලිය හැකිය. උළෙල පැවැත්වූ සතිය පුරා මාස්ටර්ක්ලාස් වැඩමුළු පහක් පැවැත්වීය. එහි මුල් මාස්ටර්ක්ලාස් වැඩමුළුව ප්‍රවීණ අධ්‍යක්ෂක විසාකේසව චන්ද්‍රසේකරම් විසින් "ලේඛන චිත්‍රපට නිර්මාණයේ ආචාරධර්මය" පිළිබඳ පැවැත්විය. චත්‍ර වීරමන් විසින් “වීඑෆ්එක්ස්” (VFX Workflow) පූර්ව නිෂ්පාදන සහ පසුව නිෂ්පාදන" පිළිබඳ වැඩමුළුවක් පැවැත්විය. චිත්‍රපට නිර්මාණකරුවන් සිනමා නිර්මාණ තුළ ලිංගික වශයෙන් අසමත්වීම් සහ සිනමාවේදීන් මුහුණ දෙන සමාජ අභියෝගතා? යන මාතෘකාව යටතේ පාබා දේශප්‍රිය සහ චන්ද්‍රරූ තිවීගන් වැඩමුළුවක් පැවැත්විය. ජර්මනියේ විට්ටෙන්බර්ග් චිත්‍රපට අධ්‍යයන ආයතනයේ සුජාතා ඩොව්ගල් විසින් "අන්තර්ජාතික සිනමා පාසල් සඳහා යොමු වීමට ඇති හැකියාවන් ගැන සැසියක් පැවැත්වූ අතර එහිදි සිනමාව සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන සිසුන්ට සිනමා පාසල් වලට ඇතුල්වන්නේ කෙසේද ගැන දැනුමක් ලැබුණි.
ගිරිෂ් කසරාවල්ලී විසින් “බිහයින්න්ඩ් ද ලෙන්ස් ඔෆ් පැරලල් සිනමා” නමින් ගිරිෂ් කසරාවල්ලී සමඟ මුහුණට මුහුණ" පිළිබඳ විශේෂ සැසියක් පැවැත්වූ අතර මෙම මාස්ටර්ක්ලාස් සැසිය මෙහෙයවනු ලැබුවේ ආචාර්ය අන්කුරන් දත්තා විසිනි. එම සැසියේදී ගිරිෂ් කසරාවල්ලීගේ චිත්‍රපට පිළිබඳව සාකාච්ඡාවක් සිදු කෙරුණි. එම සැසියට සහභාගි වූ සියලු පිරිසට කසරවල්ලිගේ චිත්‍රපට පිලිබඳව විශේෂ දැනුමක් හා ඔහු සමඟ තම අදහස් කතා කිරීමේ හැකියාවක් ලැබුණි.
ගිරිෂ් කසරාවල්ලී, තරුණ චිත්‍රපට නිර්මාණකරුවන් සමඟ ඔහුගේ අත්දැකීම් බෙදා ගැනීමේ සැසිය පිළිබඳව අප වෙත අදහස් දැක්වූ අතර ඔහු තමන්ගේ සිනමා කෘති පිළිබඳ තරුණ සිනමාකරුවන්ට දැනුම බෙදා දීමෙන් විශේෂ සතුටක් ලැබු බවත්, එහිදී තාක්ෂණයට පමණක් නොව, සිනමාවේ "ආත්මය" කෙරෙහිද ඔහු අවධානය යොමු කළ බවත් අවධාරණය කළේය. කසරාවල්ලී පැහැදිලි කළේ චිත්‍රපටයක් යනු කතාවක් පමණක් නොව, එය ගැඹුරු කොටස් රැසක් අඩංගු කර ඇති බවත්, එම ගැඹුරු සංකල්ප තරුණ සිනමාවේදීන් සමඟ බෙදා ගැනීමට ඔහු විශාල සතුටක් ලබා දුන් බවත් ඔහු පැවසීය. මීට පෙර කොළඹ නගරයේ චිත්‍රපට තිරගත කිරීම් වලට පැමිණ තිබුණත් යාපනයට ආ පළමු වතාව බව ඔහු පැවසීය.
ගිරිෂ් කසරාවල්ලී විසින් මෙහෙයවනු ලැබූ මාස්ටර් ක්ලාස් සැසිවාරයට සහභාගී වූ යාපනයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ජෝ වර්ණන් ඔහුගේ අදහස් මෙසේ පැවසීය. ‘අපි අවුරුදු ගණනාවක් විශ්ව විද්‍යාලයේදී සිනමාව සම්බන්ධයෙන් හදාරලා තිබුණාත් මාස්ටර් ක්ලාස් සැසිවාරයේදි සිනමාව ගැන විචාරාත්මකව, එකිනෙකා සමඟ සංවාද කරමින් ඉගෙන ගත්තා. මේ වැනි සැසිවාර අපි වගේ ශිෂ්‍යන්ට හරිම වැදගත්.’
යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන වර්ෂනා වරදරාජා චිත්‍රපට නිර්මාණකරුවන් සිනමා නිර්මාණ තුළ ලිංගික වශයෙන් අසමත්වීම් සහ සිනමාවේදීන් මුහුණ දෙන සමාජ අභියෝගතා? යන මාතෘකාව යටතේ මාස්ටර් ක්ලාස් සැසිවාරය ගැන ඇගේ අත්දැකීම් ගැන මෙසේ පැවසුවාය. විශ්ව විද්‍යාලයේ ‘විශ්ව විද්‍යාලවල අපි ඉගෙන ගත්තත් අපි කොහොමද අපේ සමාජ මාධ්‍ය පාචිච්චි කරන්නේ කියා විතරයි ඒත් අපි මේ වැඩමුලුවේදී දැනගත්තා අපිට සමාජ මාධ්‍ය හරහා යම් ප්‍රශ්නයක් අපිට ඇති වුනොත් අපි එයට කොහොමද පියවර ගන්නේ කියලා’
නාගරාසා ධනුෂ්කාන්ත් ඔහුගේ අදහස් මෙසේ පැවසීය. ‘මම යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අංශයේ අධයාපනය ලබන ශිෂ්‍යයෙක්. ශ්‍රි ලංකාවේ සහ ශ්‍රි ලංකාවෙන් පිට සිනමාව ගැන අපි නොදන්න දේවල් සහ මේ තරම් දැනුමක් තිබෙනවා කියා අපි දැනගත්තේ මේ වැඩමුලුවට සහභාගි වුණාට පස්සේ . ඒ වගේ ම සිනමාව සම්බන්ධයෙන් වැඩිදුර අධයාපනය හදාරා කොතරම් ඒ ක්ශ්‍රේත්‍රයේ ගමන් කරන්න පුලුවන්ද කියා මාස්ටර් ක්ලාස් සැසිවාර වලදි මම දැනගත්තා. චිත්‍රපටයකට වීෆ්ඒක්ස් (VFX) කොහොමද යොදෙගන්නේ, කැමරාව කොහොමද පාවිච්චි කරන්නේ යන විවිධ දේවල් අපි මෙතනදි ඉගෙන ගත්තා.’
යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අංශයේ ශිෂ්‍යාවක් වන මුත්තු කුමාර් නිම්යා ඇගේ අදහස් මෙසේ පැවසීය. ‘විශ්ව විද්‍යාලයේ මාධ්‍ය විෂය ගැන අපි ඉගෙන ගනිද්දි සිනමාව සම්බන්ධයෙනුත් ඉගෙන ගන්නවා. ඒත් මාස්ටර් ක්ලාස් සැසිවාරවලට සහභාගි වුණාට පස්සේ අපි දැනගත්තා අනාගතයේදි සිනමාව කියන විෂයෙන් අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා. ඒ වගේම චිත්‍රපටයක් හදන්න පටන් ගත්ත මොහොතේ ඉදලා එය සිනමා ශාලාවේ ප්‍රදර්ශණය කරන මොහොත දක්වා කරන්න ඕනෑ මොනවාද කියා දැනගත්තා.’
අනාගතය
දේශීය හොඳම කෙටි සිනමා නිර්මාණයට අදාල සම්මානය “හපොයි” කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ උදය තෙන්නකෝන් යාපනය අන්තර් ජාතික සිනමා උළෙල ගැන තමන්ගේ අදහස් මෙසේ දැක්වීය. ‘මම හිතන්නේ යාපනය අන්තර් ජාතික සිනමා උළෙල ලෝකයේ තිබෙන සිනමා උළෙලවල් වලින් හොඳම එකක් කියලා. අපි සිනමා උළෙලක් මනින්න ඕන ඒ සිනමා උළෙලට එන සෙනඟ අනුව නෙවෙයි. සිනමා උළෙලේ පෙන්වන සිනමාපටවල ඇති අන්තර්ගතය සහ අනර්ඝත්වය අනුවයි.’
යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති දේශන ශාලාවේ ප්‍රදර්ශණය කළ සියලු චිත්‍රපට දර්ශණ වාර නැරඹිමට විදේශිකයන් කිහිපදෙනෙකු පැමිණියෝය. එක් තරුණිකයක් අප වෙත අදහස් දක්වමින් යාපනයේ පැවැති අන්තර් ජාතික සිනමා උළෙල ගැන මෙසේ අදහස් දැක්වීය. ‘මම චෙහින්. මම ප්‍රංශයේ ඉදන් අගෝස්තු මාසේ ලංකාවේ සංචාරය කරන්න ආවේ. ගිය සතියේ අපි යාපනයට ආව වෙලාවේ යාපනයේ අන්තර් ජාතික සිනමා උළෙල ගැන දැනගන්න ලැබුණා. අපිට ලොකු උවමනාවක් තිබුණා සිනමා උළෙලට ඇවිත් චිත්‍රපට බලන්න. සිනමා උළෙලේදි අපි බලපු චිත්‍රපට අධයක්ෂණය කළ අධ්‍යක්ෂකයන්ව අපිට මුණගැහීම හොඳ අත්දැකීමක්’
යාපනය අන්තර් ජාතික සිනමා උළෙල ආරම්භ කළ දා සිට අවුරුදු 10ක් පුරා දිනපතා සිනමා උළෙලේ තිරගත කළ චිත්‍රපට නැරඹිමට ආ විමලා වේල්දාස් මහත්මිය ඇගේ අත්දැකීම් මෙසේ බෙදා ගත්තේය. ‘මම යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ අවුරුදු 30ක් වැඩ කළා. මම පොත් කියවන්න, චිත්‍රපට බලන්න ඒ කාලේ ඉදලාම කැමතියි. ඒ නිසා අන්තර් ජාතික සිනමා උළෙල යාපනයේ නොකඩවා පැවැත්වීම ගැන මම සතුටු නෙනවා. අනෙක් රටවල් වල මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. ඔහුන්ගේ භාෂාව ගැන අපිට මේ සිනමා උළෙල නිසා දැක බලා ගන්න පුලුවන්. අවුරුදු 10 ක් පුරාම යාපනයේ පවත්වපු හැම සිනමා උළෙලකින්ම මට දැක ගන්න පුලුවන් වුණේ, අවුරුද්දෙන් අවුරුද්ද මේ ලෝකය කොතරම් වෙනස් වෙලාද? අලුත් වෙලාද කියලා. යාපනය දාලා වෙන කොහේවත් යන්න බැරිව ඉන්න මම වගේ අයට, ලෝකේ හදන විවිධ චිත්‍රපට බලන්න ලැබෙන එක, ඒ රටවල් වල සංචාරය කරලා එනවා වගේ වැඩක්. ඒ රටවල් වල ඉන්න මිනිස්සු එකක් අපි ජීවත් වෙනවා වගේ සතුටක් චිත්‍රපට බලලා ලබනවා.’
‘අන්එස්කේප්’ කෙටි චිත්‍රපටය අධක්ෂණය කළ චතුර විමංස ප්‍රනාන්දු තමන්ගේ කෙටි චිත්‍රපටය යාපනය අන්තර් ජාතික සිනමා උළෙලේ ප්‍රදර්ශනය කිරීමට තෝරා ගැනීම ගැන තමන්ගේ අදහස් දැක්වීය. ‘අපි වගේ නවක සිනමාකරුවන්ට යාපනය අන්තර් ජාතික සිනමා උළෙල නිධානයක් වගේ තැනක්. යාපනය අන්තර් ජාතික සිනමා සිනමා උළෙල විතරයි ලංකාවේ දැනට තියෙන එකම අන්තර් ජාතික සිනමා උළෙල. මේ උළෙලට ආවාම අපිට ලංකාවේ අනෙක් සිනමා කරුවන් සමඟ සම්බන්ධ වෙන්න පුලුවන් වගේම වෙනත් රටවල් වලින් පැමිණෙන නවක සහ ප්‍රවීණ සිනමාකරුවන් සමඟ සම්බන්ධ වෙන්න අපිට හැකියාව ලැබෙනවා. යාපනයේ සිනමා උළෙලට අපේ සිනමාපටයක් ඉදිරිපත් කරන්න ලැබුණා කියන්නේ මට වගේම අනෙක් නවක සිනමාකරුවන්ටද සිහිනයක් සැබෑ වෙනවා වගේ වැඩක්.’
අපිට අවශ්‍ය සිනමාවේ ඊලඟ පරම්පාරව එක්ක වැඩ කරන්න - සිනමාවේදිනි අනෝමා රාජකරුණා
''මම අවුරුදු 35ක් විතර උතුරු නැගෙනහිර විවිධ වැඩ කරනවා. ඒ වගේ ම යාපනයේ අන්තර් ජාතික සිනමා උළෙල පටන් ගන්න කලින් යාපනයේ කලාව පාවිච්චි කරන්න පුලුවන්, සංවාදයක් ගොඩ නගන්න පුලුවන් කොහොමද කියලා මට යම් කිසි අදහසක් තිබුණා. මේ සිනමා උළෙලට කලින් ඉතාම සුලු පිරිසක් එකතු කරගෙන චිත්‍රපට පෙන්වලා අපි මීට කලින් යම් යම් සංවාද යාපනයේ කරලා තියෙනවා. ඒ වගේම කොළඹ ආරම්භ කරපු යුරෝපියන් සිනමා උළෙලේ සංචාරක සංධිස්ථානයක් හැටියට අපි යාපනය තෝරගත්තා.
විශේෂයෙන්ම මම යුරෝපා සිනමා උළෙල පටන් ගන්න හේතුව වුණෙත් මිලි මීටර් 35 යේ සිනමාව, එහෙම නැත්නම් සිනමාපට ඩිජිටල් වෙන්න කලින් තිබුණු ඉතාම හොඳ කෘති කිහිපයක් අපි යුරෝපීය සිනමා උළෙල හරහා ලංකාවේ පෙන්වන්නයි.
ලෝකේ සිනමා උළෙලවල් වැඩි හරියක් පැවැත්වෙන්නේ යුරෝපයේ. ඒ සිනමා උළෙලවල් වල ජයග්‍රහණය කරන සිනමා කෘති කොහොමද ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට ගේන්නේ කියන එක මගේ ඔළුවේ තිබුණා. ලංකාවේ සිනමා උළෙලවල් කිහිපයක් පැවැත්විලා තිබුණත් ඒවා නොකඩවා, වාර්ෂිකව පැවැත්වෙන සිනමා උළෙලවල් තිබුණේ නැහැ.
අපි මුලින්ම ලංකාවේ සාර්ථකව සිනමා උළෙලක් සාර්ථකව පවත්වන්න පුලුවන් නගර මොනවාද කියලා සමීක්ෂණයක් කළා. ඒකේදී විවිධ කාරණා යටතේ නගර තුනක් ලැයිස්තු ගත වුණා. ඒ නගර තුනෙන් එකක් වුණේ යාපනය. අවුරුදු 30ක යුද්ධයකට පස්සේ, සිනමාව හරහා යාපනයේ කොහොමද සංවාදයක් ඇති කරගන්න භාවිතා කරන්නේ කියලා. ඉතිං ඒ ඔක්කොමත් එක්ක අපි යාපනේ අන්තර් ජාතික සිනමා උළෙල පටන් ගන්න තීරණය කළා.
මේ සිනමා උළෙල හරහා උතුර, දකුණ අතර සංවාදයක් විතරක් නෙවෙයි. දකුණු ඉන්දියාව සහ ලංකාව අතර සිනමා සංවාදයක් ඇති වෙන්න ගත්තා. ඊලඟට ලංකාවේ ඩයස්පොරා එකක් තියෙනවා. දෙමළ ඩයස්පොරාවේ සිනමාකරුවන් බිහිවෙමින්, ඔහුන් අන්තර්ජාතිකව ජයග්‍රහණය කරමින් සිටියා. ඒ සිනමාවට ලංකාව ඇතුලේ වේදිකාවක් හදන්න. ඒ සිනමාව අපි ලංකාවට ගෙනල්ලා පෙන්වන්නේ කියන සියලු කාරණා සහ සිනමාව කියන මාධ්‍ය තමන්ගේ ප්‍රකාශණ මාධ්‍ය විදියට පාවිච්චි කරන තරුණ ප්‍රජාවට යම් කිසි විදියක වේදිකාවක් හදන්න අපිට අවශ්‍ය වුණා.
මේ සිනමා උළෙල ආරම්භ කර අවස්ථාවේදි අපිට තිබුණේ අරමුණු දෙකයි. එකක් සිනමාවට යම් කිසි දෙයක් කරපු සිනමාවේ ජේෂ්ඨයන්ට පිළිගැනීමක් ලබා දීම. ජිවිතයේ එක් වරක් පමණක් ලැබෙන යාව ජීව සම්මානය අපි ජේෂ්ඨයන්ට ලබා දෙන්නේ ඒ අරමුණ ඇතිව. අනෙක් පැත්තෙන් අපි ඉලක්ක කරන්නේ තරුණ තරුණියන්ව. අපිට අවශ්‍ය සිනමාවේ ඊලඟ පරම්පාරව වෙන තරුණ තරුණියන් සමඟ වැඩ කිරීම.
කොවිඩ් වසන්ගත කාලය අවස්ථාවේදීත් අපි යාපනය අන්තර් ජාතික සිනමා උළෙල පැවැත්වූවා. අපි මේ වෙනකොට අන්තර් ජාතික සිනමා සංවිධාන සංගමය සහ ආසියා පැසිෆික් සංවිධානයත් සමඟ වැඩ කරනවා. ඔවුන් තමයි අපිට අපේ ජූරි සභිකයන් තෝර ගන්න උදව් කරන්නේ. ඒ වගේම සිනමා උළෙලට අවුරුදු 10ක් වෙද්දි අපි, විශේෂයෙන්ම වාර්තා චිත්‍රපට ගැන ලංකාවේ උනන්දුව අඩුයි. ඒත් අපේ කලාපේ ලොකු උනන්දුවක් වාර්තා චිත්‍රපට ගැන තිබෙනවා. ඒ නිසා අපි ආසියාවේ අලුත් රැල්ලක් වන විනාඩි හැත්තෑවකට වඩා දිග වාර්තා චිත්‍රපටවලට තැනක් ලබා දුන්නා.''
රේඛා නිලුක්ෂි හේරත් - The Leader