lan englan tam

පුවත්

දමිතා දේශපාලන වේදිකාව මාරු කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමගි ජන බලවේගයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි කිරීම හේතුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න දේශපාලනය කිරීම සඳහා තමන් තෝරා ගෙන තිබූ පක්ෂය මාරු කිරීමට තීරණය කළ බව ඊයේ (21) දැනුම් දුන්නාය.

දමිතා පැවසුවේ තමන් නොසිතූ ආකාරයේ රැවටීමක් කිරීම හේතුවෙන් සමගි ජන බලවේගය සමග දේශපාලනය කිරීම අතහැර දැමීමට තමන් තීරණය කළ බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නම් පක්ෂය සමග දේශපාලනය කිරීමට තමන් තීරණය කළ බවත්ය.
කෙසේ නමුත්, දමිතා සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතුවලට පසුගිය කාලයේ සක්‍රීයව සහභාගි වනු සැම දෙනාටම දක්නට ලැබිණි.

Back to top
Go to bottom

Popular News