lan englan tam

පුවත්

සිනමාවට එන අලුත් සැබෑ කතා ටිකක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුණු ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට තුනක් 🎞️

1. මාරියා
අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන මාරියා චිත්‍රපටය ඉන්දුනීසියානු ධීවරයන් පිරිසක් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය වී තිබෙනවා. චිත්‍රපටය 2021 වසරේ රූපගත කරුණු අතර මුල්වරට ලංකාවේ දී ගියවසරේ පැවති Derana Film Aword හා සමගාමීව පැවති Cinema of Tomorrow Festival හිදී ප්‍රදර්ශනය කෙරුණා. මේ චිත්‍රපටය සඳහා මහේන්ද්‍ර පෙරේරා ,හේමාල් රණසිංහ , අශාන් ඩයස් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ , දර්ශන් ධර්මරාජ් වැනි දක්ශ නළු පිරිසක් එකතුවී තිබෙනවා. සම්පූර්ණයෙන්ම මුහුදේ රූගත කිරීම් සිදුවී ඇත. චිත්‍රපටය D&D Film Presents නිශ්පාදනයක් වේ.


2. Room No.106
සුරංග අල්විස්ගේ අධ්‍යක්ෂණයක්වන Room No 106 මේ වසරේ රූපගත කිරීම් කර අවසන් වුණා. චිත්‍රපටය සඳහා පසුබිම් වන්නෙ මේ කලකට පෙර සිදුවූ රටම කැළඹීමකට ලක් කළ ඝාතනයක් සම්බන්ධ සිදුවීමකි . මේ චිත්‍රපටය සඳහා බිමල් ජයකොඩි , ඩිස්නි රාජපක්ෂ , ශ්‍යාම් ප්‍රනාන්දු , දනංජය සිරිවර්ධන ,ප්‍රියන්ත සිරිකුමාර , කලන ගුණසේකර ආදී දක්ශ නළු නිලි පිරිසක් එක්ව තිබෙනවා. චිත්‍රපටය නුදුරේදීම තිරගත කිරීමට සූදානම් බව පැවසෙනවා. මෙය Sangeetha Films ඉදිරිපත් කිරීමකි.


3.කොටකෙතන
මෙකී චිත්‍රපටය සදහා ද වස්තු වන්නෙ මෙනමිම මෙරට ප්‍රසිද්ධ වූ දාම ඝාතක රැල්ල සම්බන්ධ අභිරහස් සිදුවීම් මාලාවයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ජනක ලියනගේයි. චිත්‍රපටය සඳහා නව පරපුරේ නිලියන් දෙපලක් වන චමත්කා ලක්මිණී හා මධුශානී වික්‍රමසිංහ සහ තවත් දක්ශ නළු නිලි පිරිසක් එක්වන බව සඳහන් වේ. මේ වසරෙ රූපගත කිරීම් අවසන් වූ මේ චිත්‍රපටය Media Gang Cinema නිශ්පාදනයක් වේ.
මෑතකාලීනව සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ සිනමාපටවල අඩුවක් පැවති අතර ඉදිරියේදී තිරගත වීමට ඇති මේ නිර්මාණ ත්‍රිත්වය ඒ අඩුව පුරවනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ නිර්මාණ තුනම Thriller - Suspence ශානරවලට අයත් නිර්මාණයන් නිසා මෙරට සිනමා රසිකයාට එය වෙනස් අත්දැකීමක් සපයනු නොඅනුමානයි . 👌

 

සුභාෂිත ලක්මිණ - සිනෙමායා Entertainment

Back to top
Go to bottom

Popular News