"මිනිස්සු කියන්නේ අසීමිතව ලැබෙන දේවල් වලට කොන්දේසි විරහිතව ලැබෙන දේවල් වලට වටිනාකම් දෙන්න දන්න අය නෙමෙයි.
ඒගොල්ලෝ හැම තිස්සෙම තමන්ට අහිමි වෙයි කියලා හිතෙන දේවල් තමයි රැක ගන්න උත්සහ කරන්නේ. කිසිම විදිහකින් අහිමි වෙන්නේ නෑ කියලා හිතෙන දේ එයාලා සෙල්ලමට ගන්නවා. ගොඩක් වෙලාවට දරුවො අම්මලා තාත්තලාගේ ආදරය අවතක්සේරු කරන්නේ ඔන්න ඕකයි. මොකද අම්මලා තාත්තලා මැරෙනකන් දරුවන්ට එක විදිහට ආදරය කරන බව එයාලා දන්නවා."
මේ කතා කරන්නේ යේශා ප්‍රනාන්දු.
ඇය Mirror Arts යූ ටියුබ් නාළිකාවත් සමග එකතු වෙලා කරන ‘peppermint’ වීඩියෝ මාලාව ගැන දැන් ඔබ හොදින්ම දන්නවනේ.
ඉතින් ඇය මෙවර කතා කළේ ජිවිතේ සතුටින් ඉන්න නම් අපිට ජීවත් වෙන්න සුදුසුම ක්‍රමය මොකක්ද කියන මාතෘකාව ගැන. මෙහිදී ඇය අපි අතර නිතරම ගැවසෙන බල්ලන් සහ පූසන් ව උදාහරණයට අරගෙන තමයි හරිම අපූරු අකාරයකට මේ මාතෘකාව ගැන කතා කරන්නේ.
ඒ වගේම මේ කතාව යේශාගේ බොහෝ වීඩියෝ වල වගේම 'ආදරය' ගැන කතාවකට සම්බන්ධ වෙනවා. අපි ආදරය කරන අය වගේම අපිට ආදරය කරන අය ගැනත් ඇය මේ වීඩියෝවෙන් කතා කරනවා.
ඉතින් මේ සම්පූර්ණ කතාවට සවන් දෙන්න ඔබට දැන් යේශාගේ අලුත්ම peppermint video එකත් එක්ක එකතු වෙන්න පුළුවන්.
සම්පූර්ණ වීඩියෝව පහතින් දක්වලා තියෙනවා.>>>
ඒ වගේම යේශා ඉදිරිපත් කළ මේ video මාලාවේ කලින් වැඩසටහන් නරඹන්නත් පහත යොමු හරහා ඔබට පුළුවන්.
කවුරු හරි ඔයාට ආදරය කරනවද කියලා හරියටම දැන ගන්නේ කොහොමද?
මිනිස්සුන්ගේ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න.
Bat කරන්නැතුව Match එක දිනනේ කොහොමද?









