lan englan tam

විඩියෝ ගැලරිය

“සමාජය කැමතියි අනෙකාව පීඩාවට පත් කරනවට” | Mola Senevirathna

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘Mirror Arts’ කතා බහට එක් වූයේ මො.ල. සෙනෙවිරත්නයි.

ඔහුව ලංකාවේ ප්‍රසිද්ධ ගැෆික් නිර්මාණ ශිලිපියෙක්, කංචුක නිර්මාණ ශිලිපියෙක්, පුවත් පත් කලාවේදියෙක් වැනි විවිධ ක්ෂේත්‍ර හරහා හඳුනාගැනීමට පුළුවන්.

පසුගියදා, ඔහු විසින් රචිත නවතම කෘතියක් එළි දක්වනු ලැබුවා. එය නම් කර තිබුණේ “සිපීර්” යන නමින්. මෙම කෘතියේ විශේෂත්වය වන්නේ එය ‘සිපිරි’ හෙවත් සිර ගෙදර අත්දැකීම් පාදක කොට ගෙන ලියැවී තිබීමයි.

ඉතින්, මෙවර ‘Mirror Arts’ කතා බහේදී මොල සෙනෙවිරත්න මෙම කෘතිය පිළිබඳව හා එහි අන්තර්ගතය පිළිබඳ ව බොහෝ දේ කතා කළා.

මො.ල. සෙනෙවිරත්න - මේ පොත ලියන්න ගත්තේ දැන් අවුරුදු 10 ට විතර උඩ ඉදන්. මේකට පසුබිම් වෙන්නේ හිර ගෙදර පිලිබඳ අත්දැකීම් කතා ටිකක්. අපි 2007 දී අත්අඩංගුවට පත් වෙනවා දේශපාලන කරණාවක් මත. 2014 අවසානේ තමයි නඩුව ඉවරවෙලා නිදහස් වෙලා එන්නේ. ඒ කාලේ අත් වින්ද දේවල් තමා පොතේ අන්තර්ගත වෙන්නේ....

“සමාජය අපිට හැම වෙලාවේම පුරුදු කරලා තියෙන්නේ මනුස්සයෙක් දිහා අන්ත දෙකකින් බලන්න විතරයි. කළු- සුදු විතරයි. එක්කෝ මේ මිනිහා නරකයි. නැත්නම් හොදයි කියලා. හැබැයි හැම මිනිහෙක් තුළම මේ කළු- සුදු කියන එක අතර අන්තරයක් තියෙනවා. මේ කෑල්ල ඇතුළේ අපි හැමෝගෙම ජීවිත තියනවා. සමහර කළුම කියලා අපි නම් කරන කෙනා තුළ අපි නොහිතන සුදු කෑල්ලක් තියෙනවා. සුදුම කියලා හිතන කෙනා තුළ ඊට වඩා නරක කෑල්ලක් තියෙනවා...”

ඉතින් මෙහි සම්පූර්ණ සාකච්ඡාව දැන් ඔබට “Mirror Arts” යූ ටියුබ් නාළිකාව මගින් නැරඹිය හැකියි.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින් දක්වා තිබෙනවා.>>>

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවවසම් විසින්.

kemadasa

shungara

Back to top
Go to bottom