මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් වූයේ අනෝමා රාජකරුණායි.
ඇය ලංකාවේ සිටින අතළොස්සක් කාන්තා සිනමා අධ්‍යක්ෂකවරියන්ගෙන් ප්‍රවීණතම සිනමා අධ්‍යක්ෂකවරියක් ලෙස හැදින්විය හැකියි. වැඩි වශයෙන් වාර්තා චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැලී සිටින ඇය සිනමාව සම්බන්ධයෙන් දක්වන දායකත්වය සුවිශේෂයි.
මෙරට නවක චිත්‍රපට කරුවන්ට බොහෝ අවස්ථා උදා කර දුන් ‘Agenda 14’ සිනමා උළෙලේ නිර්මාතෘ වරිය වන්නේ ද ඇයයි. එමෙන්ම ඇය විසින් යාපනය අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළේ ප්‍රධාන සංවිධායකත්වය ද දරනවා.
අනෝමා රාජකරුණා විසින් 2023 වර්ෂයේ අධ්‍යක්ෂණය කළ “Our Mother, Grandmother, Prime Minister: Sirimavo” නම් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක පිළිබඳව නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය ජාත්‍යන්තරය තුළ ද බොහෝ අවධානයට ලක්වූ අතර 'ඩකා' ජාත්‍යන්තර සිනමා උළෙලේදී සම්මනයට පවා පාත්‍ර උනා.
ඉතින්, ‘Mirror Arts’ සාකච්ඡාවේදී ඇය සිය සිනමා චාරිකාවේ බොහෝ රසවත් තොරතුරු බෙදා හදා ගත්තා. චිත්‍රපට වාරණයට ලක්වූ අවස්ථා මෙන්ම මුහුණ දෙන්නට සිදුවූ අභියෝගයන් පිලිබඳව ද ඇය විවෘතව අදහස් බෙදා හදා ගත්තා.
සිය ජීවන අරගලයලේ ප්‍රකාශන මාධ්‍යය සිනමාව කරගත් අනෝමා රාජකරුණා සහභාගී වූ මෙම සංවාදය සිනමාවට ආදරය කරන, සිනමාවට සම්බන්ධ වීමට සිහින දකින ඕනෑම කෙනෙකුට බෙහෙවින් වැදගත් හා රසවත් සංවාදයක් වේවි.
මෙම සම්පූර්ණ සංවාදය දැන් ඔබට 'Mirror Arts' යූ ටියුබ් නාළිකාව හරහා නැරඹිය හැකියි.
සංවාදයේ සම්පූර්ණ වීඩියෝව පහතින් දක්වා තිබෙනවා>>
සාකච්ඡාව මෙහෙය වූයේ මනෝහාරී හේවාවසම් විසින්






