lan englan tam

විඩියෝ ගැලරිය

ධනංජය කරුණාරත්නගේ “සිහින රඟහල” සහ අනූව දශකයේ තරුණයාගේ දේශපාලන සිහිනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ධනංජය කරුණාරත්නගේ කෙටි නාට්‍ය එකතුව වන ''සිහින රඟහල'' පසුගියදා (ජූනි 08) බොරැල්ල පුංචි තියටර්හීදී වේදිකාගත උනා.

sihina lagahala 250607

මෙම නාට්‍ය එකතුවට: ''වැලන්ටයින් එනකන්'', ''චන්ද්‍රාවතී සමග රාත්‍රියක්'', ''ඔබ සාපේක්ෂයි'', ''දුවන උන් දෙන්නෙක්'' සහ ''ලාස්ට් බස්එකේ කතාව'' යන නාට්‍ය පහ ඇතුළත් උනා.

පහතින් දක්වා තිබෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ධනංජය කරුණාරත්නගේ මෙම නාට්‍ය එකතුව පිළිබඳව පැහැදිලි කරමින් ඔහුගේ ‘History with Nirmal’ යූ ටියුබ් නාළිකාව හරහා පළ කරන ලද වීඩියෝවක්.

මෙමගින් ඔහු පෙන්වා දෙන ප්‍රධාන කරුණක් වන්නේ ධනංජය කරුණාරත්නගේ මෙම නාට්‍ය වල ඇති වින්දනමය පැතිකඩ මෙන්ම එම නාට්‍ය 90 දශකයේ තාරුණ්‍යයේ දේශපාලන සිතීම පිළිබඳව තේරුම් ගැනීමටත් යොදා ගත හැකි බවයි.

විශේෂයෙන්ම 80 දශකයේ තරුණ දේශපාලනයේ පරමාදර්ශය වූයේ විප්ලවය නම් 90 දශකය වන විට එය වෙනස් තේමාවන් කරා යොමුවී ඇති බවත් මෙම නාට්‍ය එකතුව එම පරිවර්තනය තේරුම් ගැනිමේදී යොදා ගත හැකි බවත්ය.

මේ පිළිබදව ඔහු සිදු කරන සම්පූර්ණ අදහස් දැක්වීම ඔබට පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි>>>

kemadasa

shungara

Back to top
Go to bottom