ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන්ම ග්‍රන්ථ කතුවරියක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත ‘පුරප්පට්ටුව’ නවකථාව කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වුණේ පසුගිය 07 වෙනිදායි.
මේ කෘතිය එළි දැක්වීමට සමගාමීව එදින ‘ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය හා නූතන ලාංකේය ස්ත්‍රිය’ යන තේමාව යටතේ සංවාදයකුත් පැවැත්වුණා.
මෙහිදී ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක යන පිරිස අදහස් දක්වනු ලැබුවා. සංවාදය මෙහෙයවූයේ මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ විසින්.
ඉතින්, ලාංකේය ස්ත්‍රිය ගැන වගේම මනෝහාරිගේ නවතම කෘතිය ‘පුරප්පට්ටුව’ ගැනත් මේ ආරාධිතයෝ පළ කරපු අදහස් ඔබට පහත වීඩියෝවෙන් නරඹන්න පුළුවන්.
වීඩියෝව ‘Don Maya Unedited’ යූ ටියුබ් නාළිකාව ඇසුරිනි.
වීඩියෝව නරඹන්න මෙතනින්>>>







