කවදාවත් කාටවත් නොකියපු, සම්මත හෝ අසම්මත, ලොවට හොරෙන් හිතේ විතරක් ඇතිවුණු ප්‍රේමයක් අපි හැමෝටම තියෙනවා.
සංඛ දිනෙත් අලුතෙන්ම නිකුත් කළ “ලොවට හොරෙන් ආදරෙයි කියා..” කියන ගීතයත් ඒ තවත් එක් ලෝකයට රහසේ හදෙහි ලියා තැබූ ප්‍රේමයක් ගැනයි.
සංඛගේ හඬින් ගැයෙන මේ ගීතය තවත් අපූර්ව භාවනාවක් වෙන්නේ මේ ගීතයේ රූප රචනය නිසායි. නිම්න දෙව්පුර ගේ අධ්‍යක්ෂණයෙන් තමයි මෙහි රූප රචනය නිර්මාණය වෙලා තියෙනවා.
මෙහි පදරචනය අසංග ජයසූරිය විසින්.
ඉතින්, ඔබටත් බොහෝ අතීත ප්‍රේමණීය මතකයන් මේ ගීතය සහ රූප රචනයත් එක්ක නැවතත් මතකයට නැගෙයි.
මතු දැක්වෙනේ “ලොවට හොරෙන් ආදරෙයි කියා..” කියූ ඒ ගීතයේ වීඩියෝවයි.>>









