ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ දශක තුනක සිනමා දිවිය විමසමින්, සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් රචිත "උදයකාන්ත: සිත්තරකුගේ සිනමා රූප රිද්මය” නැමැති විචාරාත්මක හා විස්තරාත්මක සිනමා සාහිත්‍ය කෘතිය,
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කිරීම සිදුවූයේ පසුගියදායි (04).
මෙහිදී උදයකාන්තගේ සිනමාව සහ අදාල කෘතිය පිළිබඳව ප්‍රවීණ සිනමා විචාරකක ගාමිණී වේරගම, ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක, කලා හා දේශපාලන විචාරක චින්තන ධර්මදාස අදහස් දක්වන ලදී.
ප්‍රවීණ සිනමා විචාරකක ගාමිණී වේරගම සිදු කළ අදහස් දැක්වීම මෙතනින් නරඹන්න>>
පහතින් දැක්වෙන්නේ මෙම අවස්ථාවේදී කලා හා දේශපාලන විචාරක චින්තන ධර්මදාස විසින් උදයකාන්ත වර්ණසූරියගේ සිනමාව පිළිබඳව සිදු කරන ලද අදහස් රසවත් අදහස් දැක්වීමයි. (මෙම අදහස් දැක්වීම් ඇතුළත් වීඩියෝ පටය ‘Don Maya Unedited Sinhala’ යූ ටියුබ් නාලිකාව ඇසුරිනි)









