lan englan tam

විඩියෝ ගැලරිය

“ලූනා” 12 වනදා සිට නිකුත් වෙයි! – 'Luna' වෙනුවෙන් හදපු අලුත්ම Theme Song එක මෙන්න (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චින්තන ධර්මදාස සහ‍ ශේන්‍යා ෆර්ඩිනැන්ඩස් එක්ව රචනා කළ නවතම ශෘංගාරාත්මක නවකතාව වන ''ලූනා'' එළඹෙන සැප්තැම්බර් 12වන දින වෙළඳපළට නිකුත් වන්නට නියමිතයි.

මේ වන විට “ලූනා” කෘතිය වෙනුවෙන් නිර්මාණය වූ නවතම තේමා ගීතයක් ද  නිකුත් කොට තිබෙනවා.

මෙම ගීතයේ පද රචනය චින්තන ධර්මදාස විසින් වන අතර ගීතය ගායනා කරන්නේ මෙහි කෘතිය රචනයෙන් ද එක්වූ  ශේන්‍යා ෆර්ඩිනැන්ඩස් විසින්.

මෙම ගිතයේ තනුව රුසිරු පන්නිලගේ විසිනි; ඔහු එය නිර්මාණය කර ඇත්තේ AI තාක්ෂණය භාවිතයෙනි. ගීතයට අදාළ විඩියෝව නිර්මාණය කර තිබෙන්නේ ද AI තාක්ෂණය භාවිතයෙන් වීම විශේෂත්වයක්.

පහතින් දැක්වෙන්නේ ‘ලූනා’ තේමා ගීතයයි.

වචන- චින්තන ධර්මදාස
ගායනය- ශේන්‍යා ෆර්ඩිනැන්ඩස්
තනු - රුසිරු පන්නිල‍‍ගේ
ශබ්ද සැකසුම- චන්දන ප්‍රසන්න
සංස්කරණය - මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ

 

kemadasa

shungara

Back to top
Go to bottom