පහතින් ඔබ නරඹන්නට යන්නේ “RATKNOT” යූ ටියුබ් නාළිකාවේ "ලියන්නන්ගේ රාමුව" වීඩියෝ මාලාව හරහා පළවන තවත් වීඩියෝවකි.
මෙවර මෙම වීඩියෝව හරහා අදහස් දක්වන්නේ කත්‍යානා අමරසිංහයි.
ඇය ලේඛිකාවක්, පරිවර්තිකාවක් සහ ජනමාධ්‍යවේදිනියකික් ද වෙනවා.
ආරම්භයේදී යොවුන් නවකතා පරිවර්තිකාවක් ලෙස වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඇය පසුව නවකතාකරණයට පිවිසුණා.
ඇගේ ප්‍රථම නවකතාව වන්නේ 'නිලි වැස්ස' නවකතාවයි. ඉන් පසුව ඇය විසින් 'වණ්ණදාසි', 'ධරණි', 'බාන කුසුම්' යන පාඨක අවධානය වඩාත් දිනා ගත් නවකතා කිහිපයක්ම රචනා කොට තිබෙනවා.
මතු දැක්වෙන වීඩියෝව තුළින් කත්‍යානා අමරසිංහ නම් නවකතාකාරිනිය සිය නිර්මාණ සදහා වස්තු බීජ සොයා ගන්නා අකාරය, නවකතාව නිර්මාණය, නවකතාකරණය තුළින් ලැබූ අත්දැකීම්, ඒ හරහා ලැබෙන ආත්ම තෘප්තිය මෙන්ම සාහිත්‍ය හරහා සිදු කළ හැකි සමාජ දේශපාලන මැදිහත්වීම පිළිබඳව විස්තර කෙරෙන අපූර්ව අදහස් දැක්වීමක් මෙහි අන්තර්ගත වේ.










