-නාරද විජයසූරිය-
1937 ජුලි 31 වැනි දින මෝදර දී උපන් රණසිංහ ආරච්චිලාගේ ඉග්නේෂස් ඇන්තනී සිල්වා සිනමාවේදී ටෝනි රණසිංහ ලෙස චිත්‍රපට 115 ක රඟපෑ අසාහය රංගධරයෙකි.
අහසින් පොලොවට, ගැටවරයෝ, ගම්පෙරළිය, පවුරු වළලු, සප්ත කන්‍යා, ගඟ අද්දර, කොටිවලිගය ඇතුළු චිත්‍රපට රැසක ඔහු අමතක නොවන රංගනයක නිරත විය
2015 ජූනි 16 වනදා මිය යාමට මාස කිහිපයකට ටෝනි රණසිංහ මට හමු විය. විය පත් වීම සතුටින් භාරගත් ඔහු ජීවිතය පිළිබඳව තෘප්තිමත් හැඟීමකින් කථා කළේය .
සිනමා රංගනයට අමතරව වේදිකා නාට්‍යට , සාහිත්‍යයට විශාල සේවාවක් කල ඔහු දක්ෂ ලේඛකයෙකි . විශ්ව සාහිත්‍යය ඇසුරු කළ විද්වතෙකි . තවත් ග්‍රන්ථ 5 ක් පමණ ලියා අවසන් කිරීම ඔහුගේ අවසාන බලාපොරොත්තුව විය . එහෙත් කාලය ඊට හරස් විය .
අපේ දෙමාපියන්ගේ සමයේ අතිශයින් ජනප්‍රිය පෙම්වතාගේ චරිතය නිරුපණය කළ ටෝනි අතීත මතකයන් නිර්ව්‍යාජව මවෙත කියා පෑවේය . ඔහු සමග කතා බහ කිරීම සැබවින්ම උනන්දුකර අභ්‍යාසයක් විය .
සංවාදය මඳක් දිගට ඇදී ගියත් ඔහු කියූ කරුණු ඉතා රසවත් විය . ඊළඟ වසරේ ඔහුගේ අලුත් පොත් ගැන කතා කරන්නට යන්නට සිටියද 77 වන වියේදී ඔහු ඊට පෙර අප හැර ගියේය .
මතු දැක්වෙන්නේ ටෝනි රණසිංහ දිවි ගමන නිම කිරීමට මාස කිහිපයකට පෙර නාරද විජයසූරිය සමග පැවැත්වූ පිළිසඳරේ වීඩියෝවයි.
සටහන - නාරද විජයසූරිය
(ඉහත සටහන “Narada Wijesuriya” ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)










