සුප්‍රකට ඇමරිකානු ටෙලි මාලාවක් වන “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” හි අවසන් කතා මාලාවේ පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.
මෙම ටෙලි නිර්මාණයේ අවසන් එනම්, 8 වැනි කතා මාලාව එළඹෙන අප්‍රේල් 14 වැනිදා සිට ප්රමුඛ පෙලේ ඇමරිකානු සැටලයිට් නාලිකාවක් වන HBO ඔස්සේ විකාසය කිරීමට නියමිත ය.
එය නැරඹීම සඳහා “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” රසිකයින්ට වසර දෙකකට ආසන්න කාලයක් බලා සිටීමට සිදු විය.
2011 වසරේ පටන් රූපවාහිනිය ඔස්සේ විකාසය කළ කුතුහලයෙන් පිරි මෙම ටෙලි මාලාව ජෝර්ජ් ආර්.ආර්. මාටින්ගේ පොත් පෙළක් වන "A Song of Ice and Fire" ඇසුරින් නිපදවූව කි.