කලාකරුවන් සමාජ ප්‍රශ්න පිලිබඳ වඩාත්ම සංවේදී වන්නේ ඔවුන් මානුෂීය ලෙස තමා ජීවත්වන පරිසරය සමාජය සහ ලෝකය දෙස දියුණු මනසකින් යුතුව දකින සහ විමර්ෂණය කරන බැවිනි.
දියුණු සමාජයක් ගොඩ නැගීමට අවශ්‍ය ශක්තීන් කලාකරුවන් තම වෘත්තීය බාවිතාව තුළින් සමාජ ගත කරන්නේ ජනතාව ඒවා තුළින් දියුණ සංස්කෘතියක් සමාජයක් වෙත තමා ජීවත්වන සමාජය ගොඩ නංවාවි යැයි යන අපේක්ෂාවෙනි.
එහෙත් දේශපාලනඥයින් විසින් තම බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කළින් කළ වරින් වර පොදු සමාජය වෙත මුදාහරින පීඩනය සුළුපටු නොවේ.
මේ ද එවන් කාලවකවානුවකි.
නීතියෙන් වරද කරුවන් ව සිරගතව සිටින මිනිසුන් රටක දේශපාලනය කරන නායකයන්ගේ බලය වෙනුවෙන් ඝාතනය කිරීමට අවසර දීම හෝ අනුමත කිරීම අපගේ ජන සමාජය කම්පා කරන්නක් වේ.
එමෙන්ම දශක ගණනාවක් රටතුළ ක්‍රියාත්මක නොවූ එල්ලා මැරීම ජනාධිපතිවරයා විසින් අනුමත කිරීම හේතුවෙන් ලෝකය වෙත දියුණු ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස යන ගමන කක්ෂණිකව නාය යන තැනකට පත්කිරීමට මෙම මලේච්ජ තීන්දු ඉවහල් වේ.
මෙම මරණ දණ්ඩන අනුමැතිය තුළ එල්ලා මැරීමට එරෙහිව කලාකරුවන් විද්වතුන් සමාජ ක්‍රියාකාරීන් රැසක් තම විරෝධය ප්‍රකාශ කර සිටී.