මහානාම හිමියන්ගේ නවතම සංගීත නිර්මාණය ඇතුලත් රූප රචනාව “WallStory” අන්තර්ජාලයට
“WallStory”, බිබිලාදෙණියේ මහානාම හිමියන්ගේ නවතම සංගීත නිර්මාණය ඇතුලත් රූප රචනාව ඊයේ (5) දිනයේ දී අන්තර්ජාලයට නිකුත් කෙරුණි.
මිනිස් මනසේ කැළඹීම, ආදරය, ශෝකය, තනිකම ආදී හැඟීම් පිළිබඳව සංගීතමය භාෂාවකින් හදවත් ආමන්ත්රණය කරන මෙම සංගීත කෘතිය මිනිසා උපතේ සිට මිය යන කාලය දක්වා අත්දැකීම්, මතකයන් සමඟ ඇතිවන මානසික බැඳීම පිළිබඳව ගෙන හැර දක්ව යි.
නව සංගීත රිද්මයන් හා තාක්ෂණික ශබ්දයන් සමඟ සම්මිශ්රණය මෙම සංගීත කෘතියේ වාදනයෙන් නදීක ජයවර්ධන, ප්රියල් දිසානායක, දිල්රුක් සමරදිවාකර, දිල්ශාන් මලිත්, පමල්ක මන්ජිත, ඇන්ඩ්රියා ක්ලෙමන්ට්, ස්වෙට්ලානා ක්ලේමෙන්ට් සහය වේ.
රූප රචනා අධ්යක්ෂණය අයේෂ් අබේසේකර, කැමරාකරණය චතුර් දේශප්රිය, ශබ්ද සංකලනය රංග දසනායකගෙනි. එමෙන්ම සම්මානිත රංගන ශිල්පී කලණ ගුණසේකර රංගනයෙන් ඊට දායක විය.
“WallStory” රසවිඳින්න...