lan englan tam

පුවත්

‘බියන්කා’ පරිවර්තනය එළි දැක්වීම ලබන 20 දා!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීන පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ මහතා  විසින් සිංහලට පරිවර්තනය කරන ලද  දිමිත්‍රි ඇල්බර්තෝවිච්ගේ ‘බියන්කා’ කෘතිය  දොරට වැඩීමේ උත්සවය එළඹෙන මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා පස්වරු 03.00 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

 
1e7d47b2 5853 44e9 8f9c 60714df9c95e
 
එදිනම ‘බියන්කා’ මුල් කෘතියේ රුසියානු ලේඛක දිමිත්‍රි ඇල්බර්තෝවිච් ලියවෝව් සමග සාකච්ඡාවක්ද  පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා.
 
සංස්තික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, රුසියානු තානාපති ලෙවාන් ජයරියාන් මහතා සහ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මරියා පපෝවා මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.
 
698e51ba 5ebd 4361 8470 e8a87dce3e50
 
මෙම උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්තික කටයුතු අමාත්‍යංශය, කොළඹ රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය එක්ව සංවිධානය කරයි.
 
මෙම අවස්ථාවට සහභාගී වන ලෙස රුසියානු සාහිත්‍යට උනන්දුවක් දක්වන ඔබ සැමට රුසියානු සාහිත්‍ය කවය ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
Back to top
Go to bottom