ඔන්න Netflix එකෙන් මේ පාර ‘ Asterix’ කතාව අලුත් animation කථා මාලාවක් විදිහට අරගෙන එන්න සූදානම් වෙනවා.
මේක නම් කරලා තියෙන්නේ Asterix & Obelix: The Big Fight කියන නමින්.
අලුත් animation එකේ නිර්මාණකරුවා වෙන්නේ Alain Chabat කියන ප්‍රංශ ජාතික නිර්මාණකරුවා. අප්‍රේල් 30 වෙනිදා ඉදන් මේ කථා මාලව Netflix ඔස්සේ නරඹන්න පුළුවන්.

Asterix කතා මාලාව මුලින්ම නිර්මාණය වෙන්නේ René Goscinny සහ Albert Uderzo කියන ප්‍රංශ ජාතිකයන් දෙන්නා අතින් චිත්‍ර කතා පෙළක් විදිහට. ඒ 1959 අවුරුද්දෙදි. මේ කතාවට තේමාව වෙන්නේ කි.පු 50 ට ආසන්න කලයක රෝම අධිරාජ්‍යයේ ජුලියස් සීසර් කියන පාලකයාගේ කාලයේ වෙච්ච සිදුවීම් මාලාවක්. මේ කාලේ රෝම අධිරජ්‍ය ලෝකය පුරාම තමන්ගේ බලය අත්පත් කරගනිමින් හිටපු කාලේ. සීසර්ගේ රෝම හමුදා ගෝල් දේශය කියන ප්‍රදේශය අල්ලගත්තත් ගෝල් දේශයේ එක ගමක් විතරක් අල්ල ගන්න බැරි වෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ ගමේ ඉන්න ගෝල් වැසියො ගමේ පූජකයෙක් හදන මැජික් පානයක් බීලා අසීමිත ශරීර ශක්තියක් ලබා ගැනීම. ඉති මේ ගමේ ගෝල් වැසියෝ රෝම හමුදා ගම අල්ලන්න එන හැම වෙලාවකම ඔවුන්ට පහර දීලා පළවා හරිනව. හැබැයි රෝමන් හමුදාත් වැඩේ අත අරින්නේ නෑ. ඔවුනුත් ගම අල්ල ගන්න විවිධ උපක්‍රම යොදනවා.මේ විදිහට තමයි කතාව ගලා ගෙන යන්නේ.මේ කතාවෙ වීරයා තමයි Astrix කියන පුද්ගලයා.මෙයගෙ යාළුවා වෙන Obelix පොඩි කාලෙම මැජික් පානය හදන කල්දේරමට වැටිලා තියනවා කියලා තමයි කියන්නේ. මේ හින්දා මෙයාට අසීමිත ශරීර ශක්තියක් හිමිවෙලා තියනවා.

මේ කතාව මූලික කර ගෙන අද වෙන කොට Animation වගේම සජීවී චිත්‍රපටිත් බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා.
ලංකාවේ නම් ගොඩක් දෙනෙක් මේ කතාව දන්නේ ‘සූර පප්පා’ කියන නමින්. මීට වසර කිහිපයකට කලින් Sirasa tv නාලිකාවෙන් සිංහල හඬකවලා ඉදිරිපත් කරපු Astrix animation කතා මාලාව දේශීය ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය උනා.ඉතින් අප්‍රේල් මාසේ ඉදන් පරණ මතක අලුත් කර ගෙන ‘Asterix & Obelix: The Big Fight’ කතා මාලාව ඔබට Netflix හරහා නරඹන්න පුළුවන්.