තරින්දි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ ඉන්න දක්ශ තරුණ රංගන ශිල්පිනියක්.
සිනමාවේ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්රයෙත් ඇය එක ලෙස දස්කම් දක්වනවා.ඒ වගේම ජනප්‍රිය සම්භාව්‍ය භේදයක් නැතුව ඕන වර්ගයේ නිර්මාණයක සාර්ථක වෙන්න තමන්ට පුළුවන් කියලා ඇය ක්‍රියාවෙන්ම පෙන්වලා තියනවා. මේ දවස්වල ඇය රංගනයෙන් දායක වෙච්ච නිර්මාණ කිහිපයක්ම විකාශය වෙන නිසා ඇය මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රියයි.
හැබැයි මේ කථාව ඒ ගැන නෙමේ , ඇයගේ මුහුණු පොතේ ඇය විසින් පළ කරලා තිබුණ අපූරු සටහනක් ගැනයි. ඇය මේකෙන් කියලා තිබුනේ දැන් කළින් වගේ කිසිම බැඳීමක් ගැන ඕනවට වඩා හිතන්නේ නෑ කියලයි.

පහතින් දක්වලා තියෙන්නේ ඇය මුහුණු පොතේ පළ කරළා තිබුණු සටහනයි.
“පෙර මෙන් තදින් කිසිම බැඳීමක් ගැන ඕනවට වඩා සිතීමක් දැන් මා තුල නැත.මාගේ ප්‍රියතම පුද්ගළයින්ගේ පවා ආදරය අවදානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්, ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මට වෙහෙසකරයි.පොඩි දෙයකින් පවා කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේඳනාවන් පවා සිනාවකින් දරාගැනීමටත්, ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත.මුණගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොඳ මනුස්සයෙක් වීමේ උවමනාවක් යන කොටස දැන් මගේ ජීවිතේ නොමැති අතර,එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත.හිමිවී තිබූ කල රැකගත්තේ නැතිනම්"අහිමි කල පසුතැවීමෙන් වැඩක් නැත"තප්පර කටුව හැල්මේ දුවලා දුවලා දින සති මාස ගෙවෙනකොටහිතුනේම මේ ගෙවෙන්නේ කාලය කියලා.නෑ ,ඒත් දන්නෙම නැතුව මේ ගෙවිල තියෙන්නේම ජීවිතය..කමක් නෑ…… තව ගොඩක් දුර යන්න තියනව…ඔයාට පුළුවන්”