2017 අගෝස්තුවේ මාගේ පස්වෙනි ජාත්‍යන්තර නාට්‍ය නිර්මාණය මෙරටදී ආරම්භ කෙරුවෙමි. ඒ සඳහා මා ආරාධනා කරනු ලැබුවේ ඉතාලි ජාතක වෘත්තීය නිළියක් හා මගේ මිතුරියකු වන ජූලියා පිලිප්යෝය. එය සැබැවින්ම මට විශාල අභියෝගයකි. සැම විට අභියෝග යනු මාගේ ජීවිතයේ යාත්‍රාව විය. මා සැම විටම අභියෝගවලට කැමතිය. ඉතිහාසය පුරාම මා යමක් කර ඇත්නම් ඒවා බරපතල අභියෝගය. ඒ අභියෝග තුළින් මා බොහෝ දේ ඉගෙන ගන්නෙමි. පන්නරය ලබන්නෙමි.
මට මෙවැනි නිර්මාණයක් කිරීමේ උත්තේජනය ආ විට මගේ සහෝදර මංජුල වෙඩිවර්ධන සිහි විය. මට නම් මංජුල කවියෙකි. කාව්‍යාත්මක නාට්‍ය නිර්මාණ කිරීම යනු නාට්‍ය කලාව තුල වෙනත් ප්රවේශයකි. මංජුල මේ වැඬේ කරන්න කැමති වුයේය. මගේ ඔලූවේ පැවැති සිහිනය මා මංජුලට මුදා හැරියෙමි. මංජුල එය දරා ගත්තේය. අවසානයේ අවසාන මොහොතේ වුවත්, නිර්මාණය ආරම්භ කරන්නට සති දෙකකට පෙර එය මා අතට ලැබිනි. මුල් පිටපතේ සිට එය වාර ගණනක් සංශෝධනය විය. මංජුල ලියු මුල් පිටපතෙන් සියයට 50 ක් වත් අවසන් පිටපත තුල නොවිය. එය ද විශාල ඉගෙනුම් කි‍්‍රයාවලියකි. අවසානයේ මෙය සිංහල බසින් ඉංග්‍රීසි බසට හැරවූයේ දිලිනි ඊරියවල සහෝදරියයි. මා ඇය හමුවුනේ නිර්මාණ අවසන් කර මාස ගණනාවකටය පසුය.
මෙම නාට්‍ය මේ තරම් දුරට පවත්වාගෙන එන්නට මගේ සහෝදරයෙකු වන් සූජීව පතිනිසේකර නොසිටියේ නම් මෙය යථාර්තයක් නොවනු ඇත. මා දන්නා තරමින් මා ආර්ථික වශයෙන් අසරණ වන සෑම විටකම සුජීව තමන්ගේ සාක්කුව හිස් කර ගත්තේය. ඉංගී්රසි නිෂ්පාදනයේ වේදිකා කළමනකරනය කලේ ජීවන්ති පෙරේරාය. ඇය මගේ දිර්ඝ කාලීන සමාජිකාවකි. සිංහල නිෂ්පාදනයේ වේදිකා කළමනාකරුවන් වන්නේ ඉෂාන් කුලතිලක හා බාස්කර කිශාන්ය. ඒ සියලූ දෙනා අවංකම මේ නිෂ්පාදන දෙක සමගම රැුදි සිටියේය. මෙහි රංගාලෝකය මුලික අදියරයේදී මැදිහත් වුනේ මගේ තවත් සහෝදරයෙකු වන වසන්ත කුමාරය. ඉංග්‍රීසි නිෂ්පාදන දිනවදී වසන්ත අයියා එක කකුලක තුවාලයක් තියාගෙන තනි කකුලෙන් වැඩ කරපු හැටි කිසි දිනක අමතක නොවේ. එමෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන වින්දක වීරසිංහත් මාගේ විකාර අදහස් මැනවින් තේරුම් ගෙන ඉතා නිර්මාණාත්මක ලෙස සංගීතය නිර්මානය කර දුන්නේය. තවත් සහෝදරයෙකු වන වීරසිංහ ජයසුන්දරද මුල් අදියරයේදී මේ සඳහා කොන්දේසි විරහිතව උදව් කලේය. එමෙන්ම නිරාශා ප්රියවදනි නම් මගේ හිත මිතුරියද මෙහි මුල් අදියරයේදී ප්‍රචාරණ කටයුතු සඳහා කොන්දේසි විරහිතව දායක වුවාය. අද ඇය කොහෝ සිටින්නේ දැයි මා නොදනිමි. නමුත් මේ සටහන ඇයට ඇස ගැසේවා යැයි මා ප්‍රාර්ථනා කරමි. අවසන් වශයෙන් සෑම විටම මගේ පරිවර්තන හා කළමනාකරණ කටයුතු සඳහා දායක වන ජයලත් එස්. ගෝමස් මහතාද සිහිකල යුතුය. ජායාරූප වෙනුවෙන් මා මිත්‍රයන් වන තිලක් පෙරේරා හා රුක්මල් ඩි. සිල්වා එක් විය. සිංහල නිෂ්පානයේ විඩියෝ නිර්මාණ කටයුතු සඳහා මා මිත්‍ර සාලිය ලියනාරච්චි යන එක් විය. මේ ආකාරයට තමා මෙම නිර්මාණය සඳහා සහෘදයන් එක් වන්නේ.
ජාත්‍යන්තර ශිල්පීන් සමග මා ක්‍රියා කර ඇති නිසා ජූලියා සමග වැඩ කිරීම අපහසුවක් නොවුනි. දින 25 කට ආසන්න කාලයක් ජූලියා මෙරට රැුදී සිටිමින් නිර්මාණය සඳහා විශාල කැපවීමක් කලාය. අපට කොන්දේසී තිබුනේ නැත. තිබුනේ නිර්මාණයක් කිරීමේ සැබෑ වුවමනාක් පමණි. ඉතා කෙටි කාලයක් තුල නිර්මාණයක් කිරීම යනු විශාල අභියෝගයකි. නමුත් එය අප ජයගත්තෙමු. එය සාමුහික කි‍්‍රයාවලියකි. ජූලියා යනු ‘‘ෆිසිකල් ටේ්රන් නිළියකි’’. එය නිර්මාණයට ආශිර්වාදයක් විය. මා බොහෝ දේ ඇගෙන් උගත්තෙමි. ඇයත් ආසියනු අධ්‍යක්ෂකවරයෙක් සමග පලමු වරට නිර්මාණයකට දායක වීම මෙහිදි සිදු විය. යුරෝපීය නාට්‍ය සංස්කෘතිය හා නාට්‍ය කලාව අපට වඩා වෙනස්ය. මෙවැනි නිර්මාණයක් කිරීම යනු සංස්කෘතීන් දෙකක සම්මිශ්‍රණයක් හා හුවමාරුවකි. මෙම නිර්මාණය ආරම්භ වූ මොහොතේ පටන් මෙහි මංගල දර්ශන පවත්වන්නට අපට ඇරයුම් කිහිපයක් ලැබිණි. අවසානයේ අප ඉන්දියාවේ පූනේ හා දකුණු කොරියාවේ සෝල් අගනුවර මංගල දර්ශන පවත්වන්නට තීරනය කලෙමු. ශි‍්‍ර ලාංකීය නාට්‍යකරුවෙකු ලෙස නාට්‍යයක මංගල දර්ශනයක් වෙනත් රටක පැවැත්වීම යනු සිහිනයකි. එය මා යථාර්තයක් කර ගත්තෙමි. එසේම ජුලීයා සමග කල මෙම නාට්‍ය හඳුන්වන්නේ ‘‘ස්වින්ස් ඔප් ලව්’’ (ආදර ඔන්චිල්ලා* යනුවෙනි. එය මේවන විටත් රටවල් කිහිපයක රංග ගත කර ඇත්තෙමු. තවත් රටවල් විශාල ප්‍රමාණයක රංග ගත කිරීමට සුදානමින් සිටින්නේමු. එයද මා සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. ආර්ථිකය විටෙක මා පරාජය කරයි. අදටත් බොහෝ ආරාධනා මා වෙත ලැබී ඇතත් ඒ සඳහා යාමට අවශ්‍ය කිසිදු පහසුකමත් මෙරට තුල සම්පාදනය කර ගත නොහැකිව නිරුත්තරව සිටිමි.
මෙම නාට්‍යයේ දර්ශන දෙකක් අප මෙරට තුල වේදිකාගත කරනු ලැබුවෙමු. එහිදී බොහෝ දෙනාගේ අදහස වූයේ මෙවැනි නාට්‍යයක් සඳහා මෙරටදී ශිල්පිණයක් සොයා ගැනීම කිසිසේත්ම කල නොහැකි කරුණක් බවයි. මාධ්‍යවේදී ගාමිණි අක්මීමණ මෙම නාට්‍ය පිළිබඳ ලියු විචාරක ද දක්වා ඇත්තේ මෙම නාට්‍ය ලංකාව තුල ගැලැප්පීම කල නොහැකි දෙයක් ලෙසය. එසේම ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල පවා මෙහි සිංහල නිෂ්පාදනයක ශිල්පිණියක් ගැන අවදානමක් දක්වයි. එමෙන්ම සහෝදර නාට්‍යකරුවෙකු වන බුද්ධික දමයන්ත පවා පවසන්නේ මෙහි සිංහල භාෂා නිර්මාණය කිරීමට නිළියක් සොයා ගැනීම දැඩි අභියෝගයක් බවයි.
මේ කරුණු සියල්ල මැද මේ අභියෝගය මා තුල වේදනාවක් ඇති කලේය. අවසානයේ මා සිතුවේ මා ඒ සඳහා මුහුණ දිය යුතු බවයි. මා ඒ සඳහා දේ්ශිය නිළියක් සෙවිම ආරම්භ කලෙමි. පුවත්පතවල හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එය ප්රචාරක කලෙමි. අති විශාල පිරිසක් මේ සඳහා ඉදිරිපත් විය. අවසාන සම්මුඛ පරික්ෂණ සඳහා 15 පමණ පිරිසක් තෝරා ගත්තෙමි. එයිනුත් තුන් දෙනෙක් තෝරා ගත්තෙමි. අවසානයේ අවසන් තුන්දෙනාගෙන් එක් අයෙක් පමණක් ඉතිරි විය. ඇය සමග පුහුණුවීම් ආරම්භ කලෙමි. නාට්‍යය එලා අවසන් කර ගත්තෙමි. අවසන් අදියරයේ පුහුණුවීම සඳහා දින යොදා තිබුනත් ඇය ආවේ නැත. ඇමතුම් දුන්නත් දුරකතනය නාද වුවත් කි‍්‍රයාත්මක කලේ නැත. අවසාන එස්.එම්.එස් එකක් යැවූ විට ඒ සඳහා පමණක් ප්‍රතිචාර ලැබිණි. එහි දන්වා තිබුනේ ඇයට පැමිණිය නොහැකි බවයි. මගේ නාට්‍ය කලා ජීවිතයේ ඒ තරම් අශිෂ්ට සිදුවීමක් සිදුවී නැත. නාට්‍ය නිර්මාණ සඳහා අප ඕනෑ තරම් රණ්ඩු වී ඇත්තෙමු. නමුත් නාට්‍ය අතහැර දැමුවේ නැත. නමුත් මේ ශිල්පිණිය අති විශිෂ්ඨ ලෙසම අශිලාචාරකමක් කලේය. එය මා සතුටින් බාර ගතිමි. ශිල්පීන් පස්සේ පින්සෙන්ඩු වීමේ පුරුද්දක් මට නැත. ගිය අය පස්සේ ආයේ යන්නේද නැත. ඔවුන්ම අප සොයා ඇවිත්, ඔවුන්ම අවස්ථාවන් ඉල්ලා සිටියත්, අපෙන් උදව් සහ දැනුම ලබාගෙන ඔවුන්ම අප අත්හැර දමන්නේ පිළිගන්න පුලූවන් හේතුවක් ද නොදන්වාමය. මෙවැනි අයගේ කලාවේ ආයු කාලය කෙටිය. කෙටි කලක් තුල සෝඩා බෝතලේ වගේ සැර බාලව යන්නේය. එය ඔවුන් තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය. අප නාට්‍ය කලාව තුල තවමත් සැරිසරන්නේ අප සෝඩා බෝතල් නිසා නොවේ. අප ආවේ දිග ගමනකි.
මේ ආකාරයට සිංහල භාෂා නිෂ්පාදනයේ පලමු අදියර අසාර්ථක විය. මා ද එය අත්හැර දැමුවෙමි. මීට මාසයකට ටිකක පෙර මගේ වේදිකා කළමනාකරුවන් වන ජීවන්ති පෙරේරා සහා ඉෂාන් කුලතිලක ඇසුවේ රෙබෙකා කියලා කෙනෙක් ඉන්නාවා එයාව ගෙන්නනලා බලමුද කියාය. මා ඇයට එන්නට කියා කියන්නැයි කිවේමි. දින දෙකකට පසු රෙබෙකා දිල්රුක්ෂි ආවාය. බැලූ බැල්මට වැඬේට අවුලක් නැත. නමුත් දීර්ඝ සාකච්ඡුාවකට පසු උත්සහා කර බැලිමේ කොන්දේසීය මත පුහුණුවී ආරම්භ කෙරුවෙමු. අදියර දෙකක් යන විට වැඬේ කරගෙන යන්නට නොහැකි තත්ත්වයක් උදා වුයේ ඇය අසනීප වූ නිසාය. මගේ සිහිනය පසු පසට යන බව දැනෙන්නට විය. මා ඉවසා සිටියෙමි. නැවතත් අප පුහුණුවීම් ආරම්භ කලෙමු. එය යම් ප්‍රමාණයකට සාර්ථක විය. අවසන් අදියරයේදී මෙම නිෂ්පානය පෙන්වන්නට හැකි බව මා තහවුරු කර ගත්තෙමි. ඉතා කෙටි කාලයක් තුල මේ ආදර ඔන්චිල්ලා සිංහල භාෂා නිෂ්පාදනය ද ඉංග්‍රීසි එක වගේම ගොඩ නැගෙන්නනට විය. රෙබෙකා විශ්ව විද්‍යාලයකින් පිට වූ ශිෂ්‍යාවකි. ඇය සාම්ප්‍රදායික නැත. එයම මෙම නිර්මාණයට ආශිර්වාදයක් විය. ඇය බොහෝ විට අත්දැකීම් අඩු නිසා අධ්‍යක්ෂකවරයා සියල්ල කරනු ඇතැයි සිතන්නේය. අධ්‍යක්ෂකවරයෙකු ලෙස මා ශිල්පීන් මෙහෙයවන්නට අකමැතිය. මා කටයුතු කරන්නේ ක්‍රමිකවය. එය රොබකාට නුහුරු විය. නමුත් ඒ සියල්ල මැද ඇය ඒ අභියෝගය ජය ගත්තා යැයි අධ්‍යක්ෂකවරයා ලෙස මට සිතේ.
වසර 10කට පසු මා රාජ්‍ය නාට්‍ය උළෙලකට නාට්‍යයක් ඉදිරිපත් කලා නම් එය - ‘‘ආදර ඔන්චිල්ලා’’ නාට්‍යයයි. ඒද මා රාජ්‍ය නාට්‍ය උළෙලට අයදුම්පත් යොමුකරන්නේ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂක තුමිය වන අනුෂා ගෝකුල මිය මෙවැනි නාට්‍යයක් රාජ්‍ය නාට්‍ය උළෙලක තිබේනම් සුදුසු යැයි යෝජනා කල නිසාය. අප තවමත් දෙවන වටයට පමණක් පැමිණ ඇත්තෙමු. එයින් එහා තීරණය තිබෙන්නේ විනිශ්චය මණ්ඩලය අතය. ඒ සඳහා කවුරු ඉන්නවා දැයි නොදනිමු. නිර්මාණය ඔවුන්ට ගැලපේ නම් අවසාන වටයට යනු ඇත.
තව දෙයක් පැවැසිය යුතුය මෙහි පොත අප ප්‍රකාශයට පත් කලෙමු. එය නිමාව අතින් උපරිම මට්ටමක නිෂ්පාදනය කලෙමු. නමුත් එය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පොත් ප්‍රකාශන ලබා ගනු ලබන ව්‍යාපෘතියකට යොමු කලේ ප්‍රකාශන මුදල් ආවරණය කිරිමේ අරමුණින්ය. නමුත් අදාල කමිටුව විසින් එවා තිබු නිර්දේශය වන්නේ - ‘‘නිර්මාණශිලීව පාඨක රසයට ආමන්ත්‍රණය නොවීම.’’ - ‘‘පාඨක රසය ආමන්ත්‍රණය කරන්නක් නොවේ. භාවාත්මක පොතක ප්රමුඛ කාර්යය වන පිටුවෙන් පිටුව කුතුහලයෙන් යුතුව පාඨකයා ඇඳ බැඳ තබා ගැනීම මෙම කෘතියෙහි නොවේ’’ යනුවෙනි. නුතන නාට්‍ය පිටපතක මේ කියන කාරණය මතු කරන්නේ කෙසේදැයි මම සහ මංජුල වෙඩිවර්ධන ඉගෙන ගත යුතුය.
කෙසේ හෝ මේ නිර්මාණයේ මගේ සිහිනය විශාලය. මට අවශ්‍ය වන්නේ ලොවපුරා ගමන් කිරිමටය. එසේම තවත් භාෂා වලින් මෙය අධ්‍යක්ෂණය කිරිමයට. තව තවත් විවිධ මානයක් වෙත මේ නිර්මාණය එක් කිරිමටය. ඒ සිහිනය තවමත් මා දකිමි.....
එම්. සෆීර්
https://mirrorarts.lk/ar/featured/4625-julia-fillippo-and-rebecca-dilrukshi#sigProIdd9c9d1fe0e