lan englan tam

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම Sotheby’s සමකාලීන හා නූතන කලා කෘති වෙන්දේසිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

Sotheby’s විසින් ජෝර්ජ් කීට් පදනම සමග අත්වැල් බැඳගnu lAba සිදු කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Sotheby’s සමකාලීන හා නූතන කලා කෘති වෙන්දේසිය පසුගිය මාසයේ සාර්ථකව අවසන් විය.

ශ්‍රී ලාංකේය කලාවේ කලාපීය බලපෑම් සම්බන්ධයෙන් Sotheby’s හි අධ්‍යක්ෂ, විශේෂඥ සහ නූතන හා සමකාලීන දකුණු ආසියානු කලාවන් පිළිබඳ සම-ජාත්‍යන්තර ප්‍රධානී ඉෂ්රත් කන්ගා මහත්මිය විසින් මෙහෙයවන ලද සාකච්ඡාමය වැඩසටහනක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කලා ශිල්පීන් 35 දෙනෙකුගේ නිර්මාණ 46ක් ඇතුළත් වූ සමාජ සත්කාරමය වෙන්දේසියක් මේ සඳහා ඇතුළත් විය.
පසුගිය දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ Cinnamon Lifeහිදී පැවැත්වුණු පැවැත්වුණු මෙම කලාකෘති ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම පිණිස වැදගත් ආරම්භයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අගමැති ආචාර්ය හරිනි අමරසූරියද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

 

 

Back to top
Go to bottom