ප්‍රවීණ ලේඛක, ගීත රචනාකරුවෙකු, ආචාර්යවරයකු සහ සිංහල භාෂා වියතෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසින් අධ්‍යක්ෂණය කරනු ලබන සිනමා පටය වන්නේ 'තංගමලේ ඩයරීස්' වේ.
'තංගමලේ ඩයරීස්' චිත්‍රපටය පිළිබඳව සිය සමාජ ජාල ඔස්සේ සන්නස්ගලයන් විසින් වරින් වර කරුණු බෙදාගැනීම් සිදු කරන අතර එහි රූගත කිරීම් සහ නිෂ්පාදන කටයුතු හපුතලේ සංචාරක ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භ කිරීමට නියමිත වේ.
ඒ වෙනුවෙන් සන්නස්ගලයන් මේ දිනවල නිබඳව එම ප්‍රදේශයේ වාසය කරන බවද පෙන්නුම් කෙරේ. ඒ අතර කොළඹ ඔහුගේ වාසස්ථානයට එමින් සාකච්ඡා කර යළි කඩිනමින් තංගමලේ බලා යන බවද ඔහු වරක් පවසා තිබිණි.
හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාරඋන්නැහේ, ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස්, ලක්ෂ්මන් මෙන්ඩිස් යනාදී රංගන ශිල්පීන් දායකත්වය දෙන 'තංගමලේ ඩයරීස්' චිත්‍රපටය සහ එහි රූගත කිරීම් පිළිබඳව සාකච්ඡාවකටද සන්නස්ගලයන් මෑතකදී සහභාගි විය.
ඒ සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමගය.