lan englan tam

පුවත්

ලංකාවේ 'ෂූටින්' කරන ජේයි ආකාශ්ගේ අලුත්ම චිත්‍රපටය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජේයි ආකාශ්ගේ අලුත්ම චිත්‍රපටය ශ්‍රී ලංකාවට විශේෂ චිත්‍රපටයක් වන්නේ එය ලාංකික රසිකයින් පිරිවරා සිටින දකුණු ඉන්දීය සිනමාපටයක් හෝ තෙලුඟු, දෙමළ, කන්නඩ, මල­යා­ලම් භාෂාවලින් නිමවන ඉන්දීය තාරකා සම්බන්ධ වන සිනමාපටයක් වීම හේතුවෙන් පමණක් නොවේ. එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවේද සිදු කිරීමට යෙදී තිබීම හේතුවෙනි.

එසේම ගිහානි වීර­සිංහ, ජීවන් කුමා­ර­තුංග ඇතුළු ශ්‍රී ලාංකීය තරු රැසක්ද චිත්‍රපටය සඳහා දායක වෙති.
එහි මුහු­රත් උළෙල මෑතකදී කොළ­ඹ කේන්ද්‍ර කරගනිමින් පැවැ­ත්වුණ අතර ජනප්‍රිය ඉන්දීය තරු රැසක් ඒ සඳහා දායක වේ.
ඉන්දීය සිනමාවේ චරිතාංග ජ්‍යෙෂ්ඨ නළුවකු වන එම්. නාසර්, විජය කුමාර්, දිව්‍යා, අක්ශිතා, ඇතුළු ජන­ප්‍රිය දෙමළ සහ තෙලුඟු සිනමාවේ ජනප්‍රිය නළු නිළි­ පිරි­සක් මේ සඳහා රංග­න­යෙන් දායක වෙති.
චිත්‍රපටය අධ්‍ය­ක්ෂ­ණය කරනු ලබන්නේ ජේ. ආකාශ් විසිනි. 'තව්තිසා පික්චර්ස්' සභා­පති මොහාන් පෙරේරා විසින් චිත්‍රපටය නිෂ්පා­දනය කරනු ලබයි.
චිත්‍රපටය ඉන්දි­යාව, ලංකාව, කැන­ඩාව, එංග­ල­න්තය යනාදී රටවල් කිහිපයක එකවර තිරගත කිරීමට නියමිතය.
මීට වසර කිහිපයකට පෙර මෙහි නළු නිළියන් තෝරාගැනීම යාපනයේදීද සිදු කෙරිණි.

Back to top
Go to bottom